න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට ශ්‍රී ලංකාවත් එක්වෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් කර තිබේ.

ඒ සමඟ ගිවිසුමේ 69 වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.  

2017 ජුලි 07 වනදා සම්මත කරන ලද නිව්යෝර්ක්හි එක්සත් ජාතින්ගේ න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව ද සහභාගී වූ අතර එය සම්මත කිරීමට පක්ෂව ඡන්දය දුන් 122 දෙනා අතර ශ්‍රී ලංකාව ද වෙයි.

ඒ අනුව ඊට අදාළ ගිවිසුමට එළඹීම සඳහා වන ලියකියවිලි නිව්යෝර්ක්හි පැවැත්වෙන ජගත් මහාමණ්ඩල 78 වන සැසිවාරයට සමගාමීව පැවති ඉහළ මට්ටමේ උත්සවයකදීඅමාත්‍ය අලි සබ්රි මහතා විසින් භාර දී ඇත.

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම මගින්  න්‍යෂ්ටික අවි හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවර්ධන, පරීක්ෂා කිරීම, නිෂ්පාදනය අත්පත් කර ගැනීම සන්තකයේ තබා ගැනීම හෝ ගබඩා කිරීම තහනම් කර ඇත.

ASK 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...