*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

පේන අං සහ නොපෙනෙන සිංහ හම්


ශ්‍රී ලංකාවේ බලය යනු තාවකාලික දෙයක් ලෙස හැඟෙන අය අඩුය.දෛනික ජීවිතයේ පහළ මට්ටමේ වගකීම දරන පුද්ගලයාගේ සිට ඉහළම මට්ටමේ වගකීම දරන පුද්ගලයා දක්වා මේ තත්ත්වය අනන්තවත් විඳින්නට සිඳුවන බව ඇත්තකි.මේ තත්ත්වය ඉහළට සහ පහළට වෙනස් වන්නේ එහි බලයේ ඇති ප්‍රමාණය සමඟය.
මීට ටික කාලෙකට කළින් එහි හොඳම නිදසුන අපි වින්දෙමු.විශ්වාසය බලය කර ගත් අයෙක් රටේ නීතිය,චක්‍රලේඛ ආදිය සියල්ල හකුලා,තමන්ගේ වචනයට අනුව හැසිරිය යුතු බව රටට කීවේය.එහි ප්‍රතිපලය වූයේ තමන්ට පමණක් නොව තමන්ට වඩා විශාල කාලයක් කළ අයියාගේ ද දේශපාලනය සහ තනතුරු අතහැර පලා යන්නට වීමය.


අතිශයින් තනි පුද්ගල බලය නිසා අනවශ්‍ය තරම් ප්‍රමෝදයට පත්වන පුද්ගලයින්ට බරපතලම ගැටළුව වන්නේ ඒ ගැන ඇතිවන සැකයය.ඒ නිසා විවිධ දේ ඔවුන් කරන්නට ගන්නේය.ඒවා ඔරොත්තු දෙන්නේද නැද්ද යන්නට වඩා වටින්නේ එයින් තමන් ආරෝපනය කරගෙන සිටින බලය රඳවා ගැනීමේ උවමනාවය.ඒ තත්ත්වය ඇති වන්නේම බලය අයුතු ලෙස භාවිතයේදී එය ගිලිහී යනු ඇතැයි යන සැකය තමන් තුළම ගොඩනැගෙන නිසාය.ඉන්පසු ඒ පීඩාවෙන් වැඩ කරන්නට යාමේදී සාමාන්‍ය තත්ත්වයට වඩා අවුල් වන්නටත් වැරදි වන්නටත් ඉඩ ඇත.
ලංකාවේ මෙවැනි තත්ත්වයක් ඇති වූ ක්‍රිකට් නායකයෙක් වූයේ අර්ජුන රණතුංග ය.ලෝක කුසලානය දක්වා සිටි අර්ජුන, ලෝක කුසලානයෙන් පසු අර්ජුන යනු දෙදෙනෙක්ය.එකල අර්ජුනගේ ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හැටියට තිබුණ බව ප්‍රසිද්ධ රහසක්ය.ඒවා ආරක්ෂා කරමින්,අර්ජුනගේ අයියා ක්‍රිකට් විධායක පුටුවේ ඉදගෙන තිලංගගේ කණ්ඩායමේ සිටියේය.රණතුංගලා තිලංග ගේ කණ්ඩායමේ හිටිය ප්‍රබල සාමාජිකයෝය.


අප ඡායාරූප ශිල්පී අජිත් සෙනවිරත්න ගේ පරණ දළ සේයා පට තුළ ඇත්නම් රත්වත්ත සහ තිලංග අතර නිලවරණයේ දී උප සභාපතිවරයෙක් බවට පත් වූ ප්‍රසන්න රණතුංගගේ සහය කණ්ඩායම් නිලවරණය ඇතුළේ තිලංග පාර්ශවය ආරක්ෂා කළ හැටි දැක ගත හැකිය.බලයට දැඩිව ආශාව ඇති වූ විට ප්‍රමාණය මදි වීම සාමාන ස්වභාවය වන අතර එහි ප්‍රතිපලයක් හැටියට වැඩුණු වෛරය මාරාන්තික එකක් දක්වා දුර ගොස් ඇත.ඒ නිසාම අර්ජුනට ඛනිජ තෙල් සංස්ථාව ඇතුළේදී ප්‍රහාරයක් එල්ල කරන්නට උත්සාහ කළ අවස්ථාවේ දී ඒ සඳහා පැමිණ අය අතර තිලංගට සමීප ප්‍රාදේශිය දේශපාලකයන් සිටිය බවට තොරුතරු වාර්තා විය.
මේ වන විට දසුන් ශානක ගැන කතාව ද එතැනට ඇදි ගියේය.අර්ජුන මුරලි වෙනුවෙන් පෑ විස්කම අභිබවා යන මතුපිටට නොපෙනෙන දෙයක් දසුන් සිඳු කළේය.

පකිස්තානයට කණ්ඩායමක් රැඟෙන යාමට ලෝකයම බියවන මොහොතක ඔහු එම අභියෝගය භාර ගත්තේය.එහිදී ඔහු ජයග්‍රහණයද කණ්ඩායමට අත් කර දුන් අතර දෙරට අතර දේශාපාලන සහයෝගීතාවය තහවුරු කරන තානාපති සේවයකට එදා දසුන් දුන් නායකත්වය ඓතිහාසිකය.
කාලයත් සමඟ ඒ සියල්ල පදනම් කරගෙන නායකයෙක් හැටියට දසුන් ඉහළින් තබන ගී අපිද කාලයට ගැයුවෙමු.ඒවා පමණ ඉක්මවා ගියේද යන්න සැක සහිතය.සමාජය විසින් ඉහළින් පිළිගන්න දසුන් ඒ හරහා ගොඬනැඟෙන විශ්වාසය සමඟ පළමුව ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළේය.ඉනික්බිති පැහැදිළි වුයේ ඔහුට ඔහුගේ කණ්ඩායමක් නිර්මාණය කර ගන්නට ඇති ආශාවය.ඒ ආශාව නිසා ශ්‍රී ලංකා කණ්ඩායම දසුන්මය හැඩයකට පරිවර්ථනය කර ගැනීමට ඔහු වීරිය ගත්තේය.විවිධ හේතුන් සහ තමන්ගේ ඇල්ම පදනම් වූ කාරණා මත ඇතැමෙක්ගේ කණ්ඩායමේ ස්ථානය තීරණය කළ හැකි මට්ටමට දසුන් වැඩිණ.ඒ වැඩීම සමඟ ක්‍රීඩාවේදී දසුන්ට තමන් කරන දේ නිවැරදි බව පෙන්වන වැඩේ කරන්නට වැඩියෙන් සිත වෙහෙස කරවන්නට විය.එය තමන් තමන්ටම පීඩනයක් වන තැනට වැඩුණු පසු ව්‍යාකූල දසුන්ට සිය සුපුරුදු දස්කම් රැක ගන්නට නොහැකි විය.දසුන්ට ප්‍රශස්ති ලියූ සමාජ ජාලාවන් හී පිටුම දසුන් යනු කාසිය උඩ දාන්නට සිටින පුද්ගලයා ලෙසට හංවඩු ගසන්නට පටන් ගත්තේය.අවසානයේ කාටවත් පරාජය කරන්නට බැරි දසුන්,තමාගේ ව්‍යාකූලත්වයටම පරාජය විය.ඒ තත්ත්වය නිර්මාණය කර ගන්නේ ද ඔහුම බැවින් ඊට දොසක් කියන්නට නොහැකිය.
මෙවැනි තත්ත්වයකදී එය නිවැරදි කරගැනීමේ හැකියාව ඇත්තේ ද දසුන්ට ය.ඒ සඳහා ඉවත්වීම එක විසඳුමකි.දෙවැනි විසඳුම තමන් නිවැරදි වීමය.එය අපහසුවෙන් කළ යුතු වුව ද බැරි නැත.එහිදී අපහසුතාවය ගොඩ නැඟෙන්නේ තමන්ගේ රුචිකත්වයන් වෙනුවෙන් එකතු වූ සංධානවලින් ගැලවීමය.මේ මොහොතේ තේරුම් කමිටුව යන්නත් එවැන්නක්ය.එවැනි අවස්ථාවල එකට මූට්ටු වූ රෙදිවලින් වත සරසා ගැනීම මෙවැනි සංධානවල ස්වභාවය වන්නේය.ඒ නිසා තනී තීරණයකින් සමූහයකගේ රෙදි ගැලවෙන්නට ඉඩ තිබේ.එවිට රෙද්ද රැක ගැනීමට සියල්ල විසින් එහි එල්ලීම සාමානඨ තත්ත්වයකි.
එසේම කවුරු හෝ කුමන හෝ මතයක සිට ගත් විට දිගටම ඒ වෙනුවෙන් පෙනී නොසිටීම වංක භාවය ලෙස සිතන එක ද දකුණු ආසියාතික සිරිතක්ය.ඒ නිසා අපිනම් පරම්පරාවෙන්ම අහවල් පාට,අහවල් අයගෙ කියා පක්ෂ සහ ප්‍රභූ පවුල් නඩත්තු කිරීම අපේ දේශපාලනයය.එසේ පෙනී සිටීම ප්‍රතිපත්තිගරුක භාවය ලෙස හැදින්වීම විශාලම නරකය.විෂයක් සම්බන්ධයෙන් එක අදහසක් තිබෙනු විනා ප්‍රද්ගලයන් සම්බන්ධයෙන් ඔනෑම වෙන්වීමක් අනුමත කර පෙනී සිටීම ප්‍රතිපත්තියක් විය නොහැකිය.ඒ නිසා අපේ කැමති තැනින් දසුන් ගැලවී යානම් අප දසුන් පසුපස යාමට අපේ ප්‍රතිපත්තිගරුක බව යැයි කිව නොහැකිය.පුද්ගල වන්දනාව ඊට අදාළ නොවන්නේය.
ඉහත චරිත තුන උදාහරණ ලෙස ගෙන බලය බලයට ආභරණයක් නොවී තමන්ට ආභරණයක් කර ගන්න අයෙකුගේ බැස්ම ගැන අදහසක් ගන්න අපහසු නැත. මෙය ලංකාවේ පමණක් නොව විශේෂයෙන් දකුණු ආසියාවේ නායකත්වයන් යනු තමාගේ උවමනාව පරිදි හැසිරවිය හැකි දෙයක් ලෙස අරුත් ගන්වා ගන්නා අයට සිදුවන දෙයක්ය.කුමන හෝ කේෂ්ත්‍රයකට නිවැරදි නායකත්වය දෙමින් පොදු කාරණාවක් ජයග්‍රහණය කරවීමට කැපවෙන බොහෝ දෙනෙක්,ඒ කේෂ්ත්‍රයට අදාළ නොවන දේ තමන්ගේ උවමනාවන් මත කේෂ්ත්‍රය තුළ පටවන්න යාමෙන් අර්බූද ඇති කර ගන්නේය.
රන් පෑන් ගෙන නම් ලියා අනාගතයට රැගෙන යන්නට සූදානම් වූවෝම පසුව ඒ නම් කළු අඟුරුවලින් මකා දමන්නේය.ඒ නිසා නම් ඇති කර ගැනීමට වඩා අපහසු නම් නැති නොකර තියා ගැනීමය.දසුන්ට ද වූයේ එය බව අපේ විශ්වාසය ය.


තමන්ගේ හිස මත තබා ඇත්තේ රන් ඔටුන්නක් නොව පිටට නොපෙනෙන අං තට්ටුවක් බවත් පොරවා ඇත්තේ සිංහ හමක් බවත් තේරුම් ගන්නේනම් වැදගත්ය.එම අං තට්ටුව කණ්ඩායම වෙනුවෙන් පාවිච්ච කරන්න කරන්න නොපෙණුනත්,එය තමන් වෙනුවෙන් පාවිච්චි කරන්න ගිය විට පෙනෙනු ඇත.අං ඇති කැමති සතෙක්ට සමාන කිරීම ඉන් පසුව නොවැළක්විය හැකිය.මන්ද ඇනීමේ ස්වභාවය අනුව සිංහ හම නොපෙනී,ගැලවී යන්නේය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan