ඇෆ්ලටොක්සීන් නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනය ඇන හිටලා.පෞද්ගලික අංශයේ නිෂ්පාදනත් නියාමනයක් නැහැ!

Date:

කොළඹ LNW:වයස අවුරුදු 3ට අඩු දරුවන් සදහා දැනට ත්‍රිපෝෂ ලබා දීමක් සිදු නොකරන බැවින් බොහෝ දෙමව්පියන් වෙළඳපොලේ ඇති විවිධ ත්‍රිපෝෂ වර්ග හා ළදරු ආහාර වර්ග නිසි අධීක්ෂණයකින් තොරව කුඩා දරුවන්ට ලබා දෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

 ශ්‍රී ලංකාවට ගෙන්වන බඩ ඉරිඟු තුළ අඩංගු වන ඇෆ්ලටොක්සීන් දිලීර පිළිකා ජනක ප්‍රමාණය ඉතා ඉහළ අගයක පවතිනබවත් දැනට ත්‍රිපෝෂ නිශ්පාදනයේදී වයස අවුරුදු 3ට අඩු දරුවන් සඳහා පමණක් අදාළව පරිසාධන මට්ටම් පවත්වා ගෙන යාමට මෙරටට පෝෂණ නිෂ්පාදන සමාගම් කටයුතු කර ඇති බවත් සංජීව මහතා කියා සිටියි.

”වයස අවුරුදු 3ට අඩු දරුවන් සඳහා එම අගය බිලියනයකට කොටස් එකකට වඩා අඩු විය යුතුයි. නමුත් ලංකාවට දැනට ගෙන්වන බඩ ඉරිගු සහ අනෙක් ධාන්‍ය වර්ගවල ඊට වඩා ඉහල ප්‍රතිශතයකින් ඇෆ්ලටොක්සීන් තියෙන නිසා මෙරට වයස අවුරුදු 3ට අඩු දරුවන් සදහා ත්‍රිපෝෂ නිෂ්පාදන යාන්ත්‍රණය අඩාළ වෙලා. දැනට පෞද්ගලික අංශය විවිධ ත්‍රිපෝෂ වර්ග සහ ළදරු ආහාර,පිටිකිරි වර්ග, බිස්කට් වර්ග වෙළඳපොලේ අලෙවි කරනවා. එම ඇසුරුම්වල ඇෆ්ලටොක්සීන් මට්ටම සඳහන් කිරීමක් නැහැ. වයස අවුරුදු 3ට අඩු දරුවන් සඳහා එම ළදරු ආහාර වර්ග ලබා දීම යෝග්‍ය නොවන බවට වන පණිවිඩය ඉතා පැහැදිලිව බලන්න බැරි අන්දමට ඇසුරුම්වල සඳහන් කරනවා. එම ඇසුරුම්වල සදහන් උපදෙස් නිසි පරිදි අවබෝධ කර නොගෙන කටයුතු කිරීම නිසා කුඩා දරුවන් නොදැනුවත්වම පිළිකා රෝග වල ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්”යනුවෙන් ඔහු අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...