සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): සීක් බෙදුම්වාදියෙකු කැනේඩියානු ප්‍රදේශයකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ නොසන්සුන්තාවයක් දුරදිග යාම හේතුකොටගෙන ඉන්දියාව කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා සේවා අත්හිටුවා ඇත.
බෙදුම්වාදී නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියාව කරන චෝදනාව පිළිබඳ විමර්ශනය කරන බව කැනඩාව ප්‍රකාශ කිරීමෙන් පසු එම ප්‍රශ්නය දුරදිග යාමෙන් අනතුරුව ඉන්දියාව දැඩි පිළිකුලෙන් යුතුව එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. වීසා අත්හිටුවීම පිළිබඳ පණිවිඩය ප්‍රථම වරට බ්‍රහස්පතින්දා BLS වෙබ් අඩවියේ පළ කර ඇත. “ඉන්දියානු දූත මණ්ඩලයේ වැදගත් දැනුම්දීම: මෙහෙයුම් හේතූන් මත, 2023 සැප්තැම්බර් 21 සිට ක්‍රියාත්මක වන පරිදි, ඉන්දියානු වීසා සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත,”ලෙස එහි සටහන් කර ඇත.
ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත. ” වර්ධනය වන ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම් සහ දේශපාලනිකව අනුමත කරන ලද වෛරී අපරාධ සහ කැනඩාවේ සාපරාධී ප්‍රචණ්ඩත්වය සැලකිල්ලට ගනිමින් ඉතා පරිස්සම් විය යුතුයි ” ලෙස ඉන්දියාව කැනඩාවේ සංචාරය කරන හෝ එහි වෙසෙන පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින පණිවිඩයක් නිකුත් කිරීමෙන් දිනකට පසුව මෙම පියවර ගෙන ඇත.
2021 සංගණනයට අනුව කැනඩාවේ ඉන්දියානු සම්භවයක් ඇති මිලියන 1.4 ක ජනතාවක් සිටින අතර එය රටේ ජනගහනයෙන් 3.7% ක් බව දැක්වේ. ඉන්දියාව ද කැනඩාවට උසස් අධ්‍යාපනය සඳහා සිසුන් විශාල සංඛ්‍යාවක් පිටත් කර හරින අතර, 2022 දී එසේ ගොස් ඇති සිසුන් සංඛ්‍යාව අතර 320,000 ක් වූ අතර මුළු විදේශීය එය සිසුන්ගෙන් 40% ක් වේ.

කැනේඩියානු පුරවැසියෙකු වන හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට “ඉන්දියා රජයේ නියෝජිතයන්” සම්බන්ධ දැයි බුද්ධි අංශ විමර්ශනය කරමින් සිටින බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳුදා ප්‍රකාශ කළ අතර, අගමැති ජස්ටින් ටෘඩෝ, ඉන්දියාව 2020 දී ත්‍රස්තවාදියෙකු ලෙසද නම් කර ඇත.
ජූනි 18 වැනිදා බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ සික් කෝවිලක් අසලදී මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් නිජ්ජාර් ඔහුගේ වාහනය තුළදී වෙඩි තබා ඝාතනය කරන ලදී.“කැනේඩියානු භූමියේදී කැනේඩියානු පුරවැසියෙකු ඝාතනය කිරීමට විදේශීය රජයක් සම්බන්ධ වීම අපගේ ස්වෛරීභාවය අනුව පිළිගත නොහැකි උල්ලංඝනයකි,”ටෘඩෝ මහතා සඳුදා කැනේඩියානු පාර්ලිමේන්තුවට පැවසීය.
ඉන්දියාව එහිදී දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූයේ කැනඩාව එහි රැකවරණය ලබා දී ඇති “ඛලිස්තානි ත්‍රස්තවාදීන්ගෙන් සහ අන්තවාදීන්ගෙන් අවධානය වෙනතකට යොමු කිරීමට” උත්සාහ කරන බවයි. බටහිර රටවල සීක් බෙදුම්වාදීන් කලීස්තානය හෝ වෙනම සීක් නිජබිමක් සඳහා කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ඉන්දීය රජය බොහෝ විට තියුණු ලෙස ප්‍රතිචාර දක්වා ඇත.
1980 ගණන්වල සීක් බහුතරයක් වෙසෙන පන්ජාබ් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගත් ප්‍රචණ්ඩ කැරැල්ලක් සමඟ ඛලිස්තාන් ව්‍යාපාරය ඉන්දියාවේ උච්චතම අවස්ථාවට පත් විය. එය බලහත්කාරයෙන් මැඩපවත්වා ඇත.
දැන් ඉන්දියාවේ එතරම් එය උත්සන්න නැත. නමුත් කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය වැනි රටවල සීක් ඩයස්පෝරාවේ ඇතැමුන් අතර තවමත් ජනප්‍රියය. කැනඩාව යනු ඉන්දියාවෙන් පිටත විශාලතම සීක් ජනගහනය වෙසෙන රට වන අතර, 780,000 පමණ සීක් ජනතාව කැනඩාව තුළ සිටී , එය රටේ ජනගහනයෙන් 2% කට වඩා වැඩිය.
BBC NEWS
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
