*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

ජනතාවට ඇත්ත කියන්න – නාලක ගොඩහේවා(වීඩියෝ)

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රජය තවමත් බොහෝ දේවල් ජනතාවට පමනක් නොව ජනතා නියෝජිතයන්ටත් වසන් කරමින් සිටිනා බවත්, පාස්කු ප්‍රහාරය පිලිබඳ ජනාධිපති කොමිසම් වාර්ථාව පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන්නේ කොටස් කිහිපයක් නොමැතිව  බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි .

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ, මෙතෙක් කර ඇති පරීක්ෂණවලින් හෙලි දරව් වූ කරුණු අනුව ක්‍රියාත්මක වී  පාස්කු ප්‍රහාරය පිළිබඳ අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

” පාස්කු ප්‍රහාරය සිදුවී වසර 4 කුත් මාස 5 කට පසු  පාස්කු ප්‍රහාරය පාර්ලිමේන්තුවේ සාකච්චා කරන්නට උනන්දුවක් ඇති වූයේ පසු ගියදා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් ප්‍රචාරය කරනා ලද වැඩ සටහනක් නිසා. මේ වැඩ සටහනේදී පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවෙක් ගැන චෝඳනාවක් ඉදිරිපත් වෙනවා. ඒ අනුව ලංකාවේ මේ පිලිබඳ විශාල කතිකාවක් ඇති උනා. විවාදයක් ඉල්ලනු ලබන්නේ ඒ අනුවයි.

මෙහිදී  අපට විශේෂයෙන්ම පෙන්වා දෙන්නට සිදුවන්නේ මේ සිද්ධියෙන් වසර 4 හමාරකට පසුවත් මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සම්බන්ධයෙන් විශ්වාසනීයත්වයක් ගොඩ නංවන්නට රජය අසමත් වී ඇති බවයි. මේ ජාලය තුල ජනාධිපතිවරුන් 3 දෙනෙකු කටයුතු කොට තිබෙනවා. ආරක්ෂක ලේකම්වරු, පොලිස් ඇමති වරු බුද්ධි අංශ ප්‍රධානීන් හා ප්‍රධාන පෙලේ නිලධාරීන් කිහිප දෙනෙකුම වෙනස් වි තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක්, පාර්ලිමේන්තු කමිටුවක්, විදේශ ආයතන ඇතුලු විමර්ශණ ගනනාවක වාර්ථා ඉදිරිපත් වී තිබෙනවා. නමුත් තවමත් මේ විමර්ශණ පිලිබඳ සැකය දුරු වී නෑ. තමත් කාටවත් දඩුවම් ලැබීත් නෑ. මේ සිද්ධියට විවිධාකාර ලෙස වගකිව යුත්තන් ලෙස ජනතාව සැක කරනා සමහර ප්‍රධාන පෙලේ චරිත තවමත් නිදැල්ලේ ඉන්නවා. මෙය ඉතාමත්ම කණගාටු දායක තත්වයක්. ප්‍රහාරයට ලක් වූවන්  යුක්තිය ඉල්ලන්නේ ඒ නිසායි.

රජය තවමත් බොහෝ දේවල් ජනතාවට පමනක් නොවෙයි ජනතා නියෝජිතයන්ටත් වසන් කරමින් ඉන්නවා. පාස්කු ප්‍රහාරය පිලිබඳ ජනාධිපති කොමිසම් වාර්ථාව පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන්නේ කොටස් කිහිපයක් නැතුවයි. එහි යම් කොටස් පාර්ලිමේන්තු මහ ලේකම්ගේ අධික්ෂණය යටතේ පුස්තකාලයේ තබනවා කීවත් එය සිදු වී නෑ. මේ විවාදය ආරම්භ කිරිමට පෙරවත් එය මංත්‍රීවරුන්ට ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා කිහිපවිටක්ම ඉල්ලා සිටියත් කතානායකවරයා ප්‍රතික්ෂේප කළා.

මහ ලේකම්වරිය ගාව තියන පිටපත මහජන නියෝජිතයන්ට පෙන්නන්න ජනාධිපති ලේකම්ගෙන් අහන්න ඕනේලු.  අද මහජන නියෝජිතයන්ට ගොස් තිබෙන තැන ඕකයි.

ඒ නිසා අපේ ඉල්ලීම දැන්වත් රජය මේ ගැන නිසි අවධානයක් යොමු කරන්න. ජනතාවට ඇත්ත කියන්න. මෙතෙක් කර ඇති පරීක්ෂණවලින් හෙලි දරව් වූ කරුණු අනුව ක්‍රියාත්මක වී අවශ්‍ය පියවර ගන්න. පරීක්ෂණ වලට සමහර අත්‍යාවශ්‍ය සාක්ෂිකරුවන් ඉදිරිපත් නොකල බව සමහර පරීක්ෂණ වාර්ථාවල කියවෙනවා. එසේ නම් මේ පරික්ෂණ සම්පූර්ණ නෑ. එසේ නම් අපක්ෂපාතී  හා පරිපූර්ණ පරීක්ෂණයක් ජාත්‍යන්තර සහාය ඇතුව හෝ නැතුව පවත්වා හැකි තාක් ඉක්මනට මේ පිලිබඳ සැබෑ සත්‍යය රටට හෙලිදරව් කොට වැරදි කරුවන්ට කඩිනමින් දඩුවම් ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා”

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා එසේ අදහස් දැක්වුයේ අද (9/21) දින නිදහස ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan