ස්පෙෂලිස්ට්ලා 9% යි විශ්‍රාම යන්නෙ, ඒක අපි ධනාත්මකව ගන්නවා – කෙහෙළිය

Date:

මෙම වසර අවසානයේදී වයස අවුරුදු 60 ඉක්මවූ සියලු රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් ක්ෂේත්‍ර කිහිපයක ගැටලු මතුවන බව විපක්ෂය ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙය දැඩි බලපෑමක් වනු ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.

මෙරට සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් එකවර විශ්‍රාම ගැනීම හේතුවෙන් මතුවන අර්බුදය සඳහා ගන්නා විසඳුම් මොනවාදැයි ඔහු සෞඛ්‍ය ඇමතිවරයාගෙන් විමසා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළ අතර ඔහු සඳහන් කළේ මෙම වසර අවසානයේදී විශ්‍රාම යන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය 222 ක් බවයි. මීට අමතරව පරිපාලන වෛද්‍ය නිළධාරීන් 27 ක්ද විශ්‍රාම යාමට නියමිත බව අමාත්‍යවරයා පවසනවා.

රෝහල් පද්ධතිය තුළ සිටින විශේෂඥ වෛද්‍වරුන් 2278 දෙනාගෙන් 09% ක පමණ ප්‍රමාණයක් මෙම වසර අවසානයේදී විශ්‍රාම යන බැවින් එය සෞඛය ක්ෂේත්‍රයට එතරම් බලපෑමක් නොවන බවත්, ඒ තුළින් තරුණ වෛද්‍යවරුන්ට ධනාත්මක බලපෑමක් සිදුවන බවත් රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...