පාස්කු ප්‍රහාරය වගේ ප්‍රහාර ඉදිරියේත් එල්ල වෙන්න පුළුවන් – වැඩබලන ආරක්ෂක රාජ්‍ය ඇමති

Date:

කොළඹ LNW: පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය ආකාරයේ තවත් ප්‍රහාර ඉදිරියටත් මේ රටේ සිදු විය හැකි බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (21) පාර්ලිමේන්තු විවාදයේදී ප්‍රකාශ කළේය.

අන්තවාදී හැගීම් තියෙන පිරිස් රට තුළ මෙන්ම පිටත් සිටින හෙයින් ඒ අය සොයාගන්නට බුද්ධි අංශ දිවා රෑ නොබලා කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ ‘සොනික් සොනික්’ යන වචනයක් රැව් දුන් අතර ‘සොනික්’ යනු බුද්ධි නිලධාරියෙක් වන අතර එය අන්වර්ත නාමයක් බවයි ඔහු පැවසුවේ.

“ප්‍රහාරය සමබන්ධයෙන් බුද්ධි අංශ සෝදිසියෙන් සිටියා. ඒ සම්බන්ධව 2016 සිට බුද්ධි වාර්තා සහ තර්ජන වාර්තා 200කට වඩා වැඩි ප්‍රමාණයක් මගින් විමර්ශන නිලධාරීන් දැනුවත් කළා. 2017 සිට 2018 කාලය තුළ සහරාන්ට විරුද්ධව වරෙන්තු දෙකක් තිබුණත් අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නැහැ. 2019 අප්‍රේල් 9 වෙනිදා ප්‍රහාරය ගැන සවිස්තරාත්මක බුද්ධි වාර්තාවක් පොලිස්පතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජය පොලිස්පතිවරයාට ලබා දෙනවා. ඒ වාර්තාව මගේ ළඟ තියෙනවා. මට එක ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. ඒක රහස්‍යමය, බුද්ධිමය වාර්තාවක්. 2019 අප්‍රේල් 9 වෙනිදා අපිට ලැබුණු විදේශ බුද්ධි තොරතුරකුත් එක්ක, සහරාන් කියන නමත් එක්ක, බෝම්බ පුපුරගන්නවා කියන එකත් එක්ක මෙම තොරතුර පොලිස්පතිතුමාට සහ CIDය ට ලබලා දෙනවා. නැවතත් 2019 අප්‍රේල් 20 විදේශ බුද්ධි අංශ මගින් එවකට සිටි රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට දැනුම් දීලා තියෙනවා ප්‍රහාරයක් එනවා කියලා. අප්‍රේල් විසිවෙනිදාම විදේශ බුද්ධි තොරතුරක් පදනම් කරගෙන වට්ස්ඇප් පණිවිඩයක් මගින් දැනුවත් කරලා තිබෙනවා එවකට සිටි ජාතික බුද්ධි ප්‍රධානියාට, ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස්පති බස්නාහිර පළාත වෙත මෙම ප්‍රහාරය සිදුවන බව. එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා ‘well received’ ලෙස උත්තර දීලා තිබෙනවා. 21 වෙනිදාත් කෙටි පණිවිඩයක් මගිනුත් පොලිස්පතිවරයා දැනුවත් කරලා තිබෙනවා. කණගාටුවට කරුණ නම් මෙතරම් දිනය, ස්ථානය, ක්‍රමවේදය සහිතව ඉතා නිවැරදි බුද්ධි වාර්තා ලබාදී තිබුණත් ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිසි අවධානය යොමු නොකිරීමයි.

මේ ‘සොනික්’ කියන්නේ අපිට ඉන්න බුද්ධි නිලධාරියෙක්. ඒක හංගන්න දෙයක් නැහැ දැන්. ඔහු තමයි ඉතා අමාරුවෙන් මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ජාලයට ඉතා සූක්ෂම ලෙස රිංගලා තොරතුරු ලබා ගත්තේ. ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස පෙනී සිටිනවා. ඔව්, එහෙම තමයි ත්‍රස්තවාදියෝ එක්ක ඉන්නේ. පොලිස්කාරයෙක් විදිහට නෙමෙයි. මේක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න තරම් පරිනත පාර්ලිමේන්තුවක් මේ රටේ තියෙන්න ඕනේ. හිතන්න එපා පාස්කු ඉරිදා ප්‍රහාරය අපේ රටට එල්ල වන අන්තිම ප්‍රහාරය කියලා”යැයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...