ගිණිකෙළි උපන් රටෙන් ගිණිකෙලි බැහැරට – මගී ප්‍රවාහනයට ස්වයංක්‍රීය වාහන – චීනය ලෝකයට තමන්ගේ ශක්තිය පෙන්වන ක්‍රිඩා උළෙලක්

Date:

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල ආලෝකමත් කරන්නට ගිණිකෙළි භාවිතයට නොගැනීමට චීනය තීරණය කර ඇත.ගිණිකෙළි උපන්රට හැටියට මෙන්ම අධික ලෙස උත්සව අවස්ථා අලංකාර කිරිමට ගිණිකෙළි භාවිතයට ගත් රටක් හැටියට චීනය ප්‍රකටය.නමුත් මෙවර ආසියානු ක්‍රීඩා උළෙල වන Hangzhou 2022 ප්‍රථම කාබන් මධ්‍යස්ථ ආසියානු ක්‍රීඩා උළෙල කිරීම සඳහා පියවර මාලාවක් ක්‍රියාත්මක කිරීමට චීනය කටයුතු කර ඇත.එමෙන්ම ඩිජිටල් තාක්ෂණය ඉතා ඉහළින් පවතින ප්‍රදේශයක් බවට හැන්ග්ෂූ නම් කරන චීනය සිය නූතණත්වය සමඟ ලෝකයට තමන්ගේ ශක්තිය පිළිබද ප්‍රකාශයක් බවට මේ ක්‍රීඩා උළෙල පත් කිරීම සඳහා පියවර ගනිමින් ඇත.
පරිසර හිතකාමීව ගිනිකෙළිවලින් ඉවත්වීමත් සමඟ එම අලංකරණය සඳහා නවීන ඩිජිටල් තාක්ෂණය ගෙන ඒම මෙන්ම Hangzhou 2022 හි එක් අංගයක් වනුයේ මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අධි-විභේදන කැමරා, ලේසර් රේඩාර් සහ ස්ථානගත කිරීමේ පද්ධතියකින් සමන්විත ස්වයංක්‍රීයව ධාවනය වන වාහනද මේ ක්‍රීඩා උළෙලේ දී මගී ප්‍රවාහනයට භාවිතා කිරීමට පියවර ගෙන තිබේ.
කාබන් විමෝචනය අඩු කිරීමේ Hangzhou හි සැලසුම්වලට කේන්ද්‍රීය වන්නේ හරිත විදුලිය සහ අති නවීන තාක්‍ෂණය වන අතර ඩිජිටල් ආලෝක සංදර්ශනයක් හරහා උළෙල අලංකාරවත් කිරීමට සංවිධායකයන් මූලික වශයෙන් අවධානය යොමු කර ඇත.
ගිනිකෙළි භාවිතයේ දී ඇතිවන පරිසර හානිය පිළිබඳව මීට වසර ගණනාවකට පෙර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පෙන්වා දෙමින් අදහස් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ඔලිමිපික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා වන අතර,එයට එකඟතාවය පැමිණිය ද යම් යම් අවස්ථාවල ඉන් බැහැරව කටයුතු කරන අයුරු දකින්නට ලැබිණ.විශේෂයෙන් ලංකාවේ ක්‍රීඩාවේ ජාතික උළෙලවලදී ද එය නොතකා හැරීම ලක්ෂණය වී ඇත්තේ එවැනි කාරණාවලදී ඒ හා සම්බන්ධවන දේශපාලන චරිත බොහෝ විට ගිනිකෙළිවලින් ආලෝකය සහ ශබ්දය ඇසීමට ප්‍රියකරන හිස් චරිත වීම නිසාත්,සම්බන්ධවන නිලධාරීන්ගේ පළමු උවමනාව වන්නේ තමන්ගේ පැවත්ම සඳහා වරප්‍රසාද වෙනුවෙන් දේශපාලකයන් පිනවීම නිසාත් ය.
“අපට හැකිතාක් කාබන් විමෝචනය අඩු කිරීමට අවශ්‍ය බැවින් ගිනිකෙළි සංදර්ශන කපා හැරීමට අපි තීරණය කළෙමු. වැදගත්ම දෙය නම්, අපගේ පාරිසරික ආරක්ෂාව පිළිබඳ දර්ශනය ප්‍රචලිත කිරීමයි”
ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රධානි ෂියාලොන් පවසන්නේ වඩා වැදගත් වගකීම කවරක්ද කියන කාරණය පැහැදිළි කරමින්ය.එසේම ඒ වටපිටාවම වඩාත් බුද්ධිමත් සහ විශිෂ්ඨ ආකාරයට හැන්ග්ෂූ හී තාක්ෂණ ශක්‍යතාවය ලෝකයට ප්‍රකාශ කිරීමට ද ඔවුන් උත්සුක වන්නේය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...