මඩ ගහන්න අවශ්‍ය නැහැ.සත්‍ය හෙළිදරව් කරගැනීමයි අපේ අරමුණ! – විපක්ෂ නායක සභා ගැබ උණුසුම් කරයි (VIDEO)

Date:

පාස්කු ප්‍රහාරයත් ඒ සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණත් ඉන් විපතට පත් ප්‍රජාව වෙනුවෙන් සමගි ජන බලවේගයේ යෝජනාවක් ලෙස මෙම විවාදය ඉදිරිපත් කළේ කිසිදු අවස්ථාවක පුද්ගලයකුට මඩ ගැසීම, අපහාස කිරීම නොවන බවත් මෙහි ප්‍රධාන අරමුණ හා පරමාර්ථය වන්නේ සත්‍ය කුමක්ද කියා අවබෝධ කර ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පාස්කු විවාදයට එක්වෙමින් පැවසීය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ චැනල් ෆෝ නාලිකාවේ චිත්‍රපටයක් නිසා මෙය කරලියට ආවා යනුවෙන් ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු පැවසුවත් එසේ පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොමැති නිද්‍රාශීලී මන්ත්‍රීවරුන් බවයි.

මෙහි සත්‍ය හා මහමොළකරු සම්බන්ධයෙන් මුළු රටම අවදියෙන් සිටි බවත් සමගි ජන බලවේගය නිරතුරුවම මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිට කතා කළ බවත් විපක්ෂ නායකවරයා කියාසිටියේය.

ඇමෙරිකානු එක්සත් ජනපදය 2001 සැප්තැම්බර් 11 වැනි දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිෂන් වාර්තාවක් සකස් කළත් විපක්ෂ නායකවරයා ලෙස තමා ඇමෙරිකන් පුරවැසියකු නොවූවත් එම වාර්තාව මේ මොහොතේ තමා සන්තකයේ ඇති බවත් ඔවුන් ලංකාවේ මෙන් බොරු ව්‍යාජ කොන්දේසි ඉදිරිපත් කර එම වාර්තා සැගවීම සිදු නොකළ බවත් ඔවුන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ඔවුන් කිසිදු පක්ෂ භේදයකින් තොරව කොමිෂන් සභාවේ කටයුතු කළ නිසා සත්‍ය සොයා ගැනීමට හැකි වූ අතර ඊට අමතරව දිගුකාලීන ආරක්ෂණ පියවර ගැනීමට හැකි වූ බවයි ඔහු සඳහන් කළේ.

ඇමෙරිකාව 9/11 ප්‍රහාරයෙන් පාඩම් ඉගෙන ගත්තත් අපේ රටේ නායකයන් තවම ඒ සම්බන්ධයෙන් පාඩම් ඉගෙන ගෙන නොමැති බවද ප්‍රේමදාස මහතා අවධාරණය කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...