සෙලෙන්ස්කි කැනඩාවේ සංචාරයක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සැප්තැම්බර් 21 සිට 22 දක්වා යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කැනඩාවේ සංචාරය කරන බවයි අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ නිවේදනය කර ඇත.

ඒ අනුව, යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කැනඩාවට ගොස් අගමැති ජස්ටින් ටෲඩෝ හමුවීමට සහ කැනේඩියානු පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තවදුරටත්  විදෙස් මාධ්‍ය පවසන්නේ, කැනඩාවේ සිටින කාලය අතරතුර, යුක්‍රේනයේ අනාගතය වෙනුවෙන් පුද්ගලික අංශයේ ආයෝජන ශක්තිමත් කිරීම සඳහා කැනේඩියානු ව්‍යාපාරික නායකයින් හමුවීමට යුක්‍රේන ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවයි.

වොෂින්ටනයේ රැඳී සිටි යුක්‍රේන ජනපති කැනඩාවට ඒමට පෙර එක්සත් ජනපද නීති සම්පාදකයින් සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

යුක්‍රේන ජනපතිවරයා ප්‍රථම වතාවට රුසියානු ආක්‍රමණයෙන් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමතීමටද   පසුගියදා ක්‍රියා කරනු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...