*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

තක්කඩි රැලක් මුල් පුටුවල ඉන්නකම් කිසිවකට සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ!

කොළඹ LNW:මේ වනවිට පවතින රාජ්‍ය තුළ තවත් රජයක් නිර්මාණය වී ඇති බවත් පාස්කු ප්‍රහාරයට, අපැහැදිලි සිදුවීම් වලට, ඝාතන, අතුරුදහන් වීම්, යටපත් කරන ලද නඩු වලට සාධාරණයක් ඉෂ්ඨ කිරීම සඳහා 2024 මැතිවරණයේදී ජනතාවගේ රාජ්‍යක් නිර්මාණය කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

රණවක මහතා මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේ පාස්කු විවාදයට එක්වෙමිනි.

දැන් මේ ප්‍රශ්නය මතුව ඇත්තේ අසාත් මවුලානා නොහොත් මොහොමඩ් මිහිලාර් මොහොමඩ් හන්සීර් චැනල් ෆෝ නාලිකාවට කළ බව කියන ප්‍රකාශයක් මෙන්ම ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සිදුකළා යැයි කියන සාක්ෂි දීමකුත් සමඟ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් තමන් පැහැදිලිව කියන්නේ සහරාන් හෂීම්ගේ ව්‍යාපාරය, කවුරුහරි දේශපාලන වශයෙන් බලයට පත් කරන්න කටයුතු කරපු ව්‍යාපාරයක් නොවන බවත් ආගමික උන්මාදයකින් මෙහෙයවුණ තව්හිද් ජමාත් නමැති දේශපාලන, ආගමික ව්‍යාපාරයෙන්, ආගමික නිකායෙන් කැඩි ගිය පිරිසක් බව යැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ පිරිස දහ අවුරුද්දකට අධික කාලයක් තමන්ගේම ආගමික කණ්ඩායම ඇතුලේ ස්වයං ප්‍රචණ්ඩ ක්‍රියාවන් වල නියැලී ඇති අතර එය රජයේ බලධාරීන් විසින් නතර කිරීමට ක්‍රියා නොකළ බවයි ඔහු පැවසුවේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරය වැනි තැනකට ගමන් කළ බව හෙතෙම කියාසිටියේය.

”බොහොම පැහැදිලිව මම කියනවා මේ රටේ සහරාන් හෂීම්ගේ ව්‍යාපාරය, කවුරුහරි දේශපාලන වශයෙන් බලයට පත් කරන්න කටයුතු කරපු ව්‍යාපාරයක් නෙවෙයි. ආගමික උන්මාදයකින් මෙහෙය වෙච්ච තව්හිද් ජමාත් නමැති දේශපාලන, ආගමික ව්‍යාපාරයෙන්, ආගමික නිකායෙන් කැඩිලා ගිය පිරිසක්. මේ පිරිස දහ අවුරුද්දකට අධික කාලයක් තමන්ගේම ආගමික කණ්ඩායම ඇතුලේ ස්වයං ප්‍රචණ්ඩ ක්‍රියාවන් වල නියැලුනා. ඒ නියැලුනාට අපේ බලධාරීන් හෝ වෙනත් අය ඒ අය නතර කරන්න ක්‍රියා කළේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙතෙන්ට ගමන් කළේ. ඒ වගේම බුද්ධි අංශ අතරේ හා ඔවුන් අතරේ තිබුණයි කියන සබැඳියාව ඔප්පු වෙලා තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයත් පිළිඅරන් තියෙනවා. ඒ සබැඳියාව පාවිච්චි වෙලා යම්කිසි ආකාරයක සහයෝගීතාවයක් ඔවුන් එක්ක තිබුණද? ඔවුන්ට මේ ක්‍රියාවලිය කරන්න උත්තේජනයක් මේ යුධ හමුදා බුද්ධි අංශයෙන් හෝ SIS ආයතනයෙන් කළාද? කියන එක තමයි මෙතන තිබෙන ගැටලුව. ඒක තමයි අර නියෝජ්‍ය පොලිස්පතිතුමා ඒ වගේම එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරීයේ ප්‍රශ්න කරලා තියෙන්නේ. මෙතැනදී නිවැරදි තොරතුරු නිසි බරකින් ලබාදීලා තියෙනවද? අනතුරක් පිළිබඳ තොරතුරු ආවා. ඒ ආවේ කොහොමද කියන එක ගැන නිසි බරකින් යුතුව අදාළ බලධාරීන්ට ලබා දුන්නද? ඒ ගැන ක්‍රියා කරන්න යම් බලපෑමක් තිබුණද? විමර්ශන සඳහා බාධා කළාද? විමර්ශන කරගෙන යන කොට CID නොමඟ යැවීමට, එහෙමත් නැත්නම් අත්අඩංගුවට ගත්ත පුද්ගලයින් නිදහස් කරගැනීමට එහෙම නැත්නම් ඒ අත්අඩංගුවට ගත්ත පුද්ගලයින් අත්අඩංගුවට ගන්න බැරිවෙන විදියට කටයුතු යෙදීමෙන් බාධා කළාද? ඒවා අර ජනාධිපති කොමිසම් වාර්තාවේ සවිස්තරව පලවෙලා තියෙනවා එවැනි සිදුවීම් ගණනාවක්. ඒ නිසා මේ මෙහෙයුම් අවුල් කිරීමට කටයුතු යෙදුනාය කියන එක අපි පැහැදිලිව තේරුම්ගත යුතු භයානක සත්‍යයක්.

මේ විමර්ශන අන්තර්ජාතිකව කරන්න කියනවා. තව පර්යේෂණ කමිටු දාන්න කියනවා. ඒක කිසිසේත්ම සාර්ථක වෙන්නෑ. මොකද මෙතන තියෙන බලගතු ප්‍රශ්නය තමයි මේ රාජ්‍ය ඇතුලේ වෙනත් රාජ්‍යයක් අද බිහිවෙලා තියෙනවා. දැන් මේ ආණ්ඩුවේ උපකරණ වෙන ඇතැම් ආයතන රාජ්‍ය විනිවිද ගිහිල්ලා රාජ්‍යය තුළ තවත් රාජ්‍යයක් පිහිටුවාගෙන තමන්ට ඕන ආණ්ඩු ගේන්න. තමන්ට ඕන පුද්ගලයන් ගේන්න. තමන්ට ඕන විදියේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. මේ රාජ්‍ය උපකරණ පාවිච්චි කරනවාය කියන සැකය විමර්ශනය තුළ තියෙනවා. මේ තක්කඩි රැල මේ මුල් පුටුවල සිටින තාක් කල් මේ විමර්ශන නිසියාකාරයෙන් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා අපේ ජනතාවට අනිවාර්යෙන්ම එළඹෙන ඊළඟ ජාතික මැතිවරණයකදී තීන්දුවක් ගන්න වෙනවා. මේ රාජ්‍ය තුළ වැඩ කරන රාජ්‍ය වෙනුවට ජනතාවගේ නියම ජනරජයක් පිහිටුවා ගැනීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ගයකට එළඹෙන්න. එහෙම නැතුව ඔය විමර්ශනවලින් ඒ වගේම පාර්ලිමේන්තු කමිටු වලින් යුක්තිය පාස්කු ප්‍රහාරයටවත් ඒ වගේම අපැහැදිලි සිදුවීම් ගණනාවක්, ඝාතන ගණනාවක්, අතුරුදහන් වීම් ගණනාවක් යටපත් කරන ලද නඩු ගණනාවක් තියෙනවා. ඒ කිසිවකට විසඳුම ලැබෙන්නේ නෑ.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan