*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

සජිත්ගේ යෝජනාව අනුව අලි සබ්‍රි රහීම්ගේ කාරක සභා නියෝජනය අත්හිටුවයි

රුපියල් මිලියන 74 ක් වටිනා රන් කිලෝ 3.3ක ප්‍රමාණයක් සහ රුපියල් මිලියන 4.2ක් වටිනා ස්මාට් ජංගම දුරකථන නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් රුපියල් මිලියන 7.5ක දඩයක් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ව පාර්ලිමේන්තුවේ සියලු කාරක සභා නියෝජනයෙන් තාවකාලිකව ඉවත් කරන ලෙස ඉදිරිපත් වූ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ය.

අද (22) මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ අදාළ මන්ත්‍රීවරයාගේ නීතිවිරෝධී විෂමාචාර ක්‍රියාව පිළිබඳව විමර්ශනයක් සඳහා මේ වනවිට පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුවට යොමුකර ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ කමිටු නියෝජනය කිරීම සදාචාරාත්මක නොවන බවයි.

එමෙන්ම මීට පෙර රුපියල් මිලියන 80ක් වටිනා රන් ප්‍රමාණයක් නීතිවිරෝධීව මෙරටට ගෙනා ප්‍රංශ ජාතිකයකුට රුපියල් මිලියන 70ක දඩයක් නියම කර ඇති නමුත් රුපියල් මිලියන 74ක් වටිනා රන් සහ රුපියල් මිලියන 4.2ක් වටිනා ජංගම දුරකථන නීතිවිරෝධී ලෙස ගෙනා අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාට නියම කර ඇත්තේ මිලියන 7.5ක දඩයක් පමණක් බවත් ඒ අනුව මන්ත්‍රීවරයාට මෙසේ ලිහිල් දඩයක් නියම කළේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳවත් විමර්ශනයක් සිදුකළ යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan