සජිත්ගේ යෝජනාව අනුව අලි සබ්‍රි රහීම්ගේ කාරක සභා නියෝජනය අත්හිටුවයි

Date:

රුපියල් මිලියන 74 ක් වටිනා රන් කිලෝ 3.3ක ප්‍රමාණයක් සහ රුපියල් මිලියන 4.2ක් වටිනා ස්මාට් ජංගම දුරකථන නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් රුපියල් මිලියන 7.5ක දඩයක් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ව පාර්ලිමේන්තුවේ සියලු කාරක සභා නියෝජනයෙන් තාවකාලිකව ඉවත් කරන ලෙස ඉදිරිපත් වූ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ය.

අද (22) මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ අදාළ මන්ත්‍රීවරයාගේ නීතිවිරෝධී විෂමාචාර ක්‍රියාව පිළිබඳව විමර්ශනයක් සඳහා මේ වනවිට පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුවට යොමුකර ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ කමිටු නියෝජනය කිරීම සදාචාරාත්මක නොවන බවයි.

එමෙන්ම මීට පෙර රුපියල් මිලියන 80ක් වටිනා රන් ප්‍රමාණයක් නීතිවිරෝධීව මෙරටට ගෙනා ප්‍රංශ ජාතිකයකුට රුපියල් මිලියන 70ක දඩයක් නියම කර ඇති නමුත් රුපියල් මිලියන 74ක් වටිනා රන් සහ රුපියල් මිලියන 4.2ක් වටිනා ජංගම දුරකථන නීතිවිරෝධී ලෙස ගෙනා අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාට නියම කර ඇත්තේ මිලියන 7.5ක දඩයක් පමණක් බවත් ඒ අනුව මන්ත්‍රීවරයාට මෙසේ ලිහිල් දඩයක් නියම කළේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳවත් විමර්ශනයක් සිදුකළ යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...