*
Saturday, May 11, 2024
spot_img

Latest Posts

බාල පළිබෝධ නාශක විකුණුවොත් වැඩ වරදී

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කිසියම් සමාගමක් විසින් ගොවීන්ට සපයන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල නම් එම සමාගම්වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවත්, එසේ සිදු කරන සමාගම් වල බලපත්‍ර අහෝසි කර එම සමාගම් අසාදු ලේඛන ගත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ දිස්ත්‍රික් සභාපතිවරුන් කෘෂිකර්ම  අමාත්‍යවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.

ගොවි නියෝජිතයෝ කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවසූවේ, ඇතැම් සමාගම් වලින් ඉහල මිලක් ගෙවා ගත් පලිබෝධ නාශක වලින් වල් මර්දනයේ දී හා කෘමි මර්දනයේ දී නිසි ප්‍රතිඵල ලබා දීමට  අපොහොසත් වූ බවත් ඒවා බාල තත්වයේ පවතින බවත්ය. ගොවීන්ගේ  ඉල්ලීම් වලට පිලිතුරු දුන් අමාත්‍යවරයා කිසියම් සමාගමක් මගින් අලෙවි කරන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල බවට හැඟී ගියහොත් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පලිබෝධ නාශක ලේකම් කාර්යාලයට දැනුම් දෙන ලෙස පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත්  සඳහන් කළේ, මෙම මහ කන්නයේ දී ගොවිජන සේවා මධ්‍යස්ථාන වලිනුත් පලිබෝධ නාශක බෙදාහැරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බවද,  ඒ අනුව තත්ත්වයෙන් ඉහල පළිබෝධ නාශක ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් ලබා ගැනීමට ගොවීන්ට අවස්ථාව ලැබෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan