නාගපට්ටිනම් සිට කන්කසන්තුරෙ දකවා බෝට්ටු සේවයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඔක්තෝබර් මස පළමු සතියේ දී, ඉන්දියාවේ තමිල්නාඩු, නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මඟී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ වීමට නියමිත බව තමිල්නාඩුවෙන් වාර්තා වේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ පසුගිය ඉන්දීය සංචාරය අතරතුර දී මෙම වැඩසටහන පිළිබඳ මූලික සාකච්ඡා පවත්වා ඇති අතර, තමිල්නාඩු අමාත්‍යවරයකු වන ඊ.වී වේලු මහතා විසින් මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය නැව් සමාගම විසින් මෙම ක්‍රියාවලිය සඳහා සහාය පළ කර ඇති අතර, 150 දෙනෙකුට ගමන් කළ හැකි අධිවේගී මඟී ප්‍රවාහන බෝට්ටුවක් ලබා දීමට එම සමාගම සිය කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ.නාගපට්ටිනම් සිට කන්කසන්තුරෙයි දක්වා නාවික සැතපුම් 06ක පමණ දුර සඳහා පැය 03ත් 04ත් අතර කාලයක් ගත වනු ඇති බවද පැවැසේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන උත්තරීතර නායකයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...