චීන ජනපති ෂී ජින් පිං නව ජනපතිට සුබ පතයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකා නව ජනාධිපති ධුරයට පත් අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පිරිනමයි.

එම සුබ පැතුම මගින් චීන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියන් බවය.

මීට වසර 67 කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට දෙරට සෑම විටම එකිනෙකා අවබෝධ කර ගනිමින් සහයෝගය ලබා දෙමින් මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය සඳහා ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇති බවත්, චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට තමන් විශාල වැදගත්කමක් ලබා දෙන බවත් සාම්ප්‍රදායික මිත්‍රත්වය පවත්වා ගැනීමට සහ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් චීන ජනාධිපතිවරයා පවසයි.

එසේම, චීනය සහ ශ්‍රී ලංකාව අතර ‘එක් තීරයක් එක් මාවතක්’ උසස් තත්ත්වයේ ඒකාබද්ධව ගොඩනැගීම වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීමටත්, අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් සහ පාරම්පරික මිත්‍රත්වයකින් යුතු චීනය සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර හා දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කරමින් දෙරට සඳහා වැඩි ප්‍රතිලාභ ඇති කිරීමටත් අඛණ්ඩව කටයුතු කරන බව ද පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...