ඖෂධ හා උපකරණ හිඟය නිසා ජීවිත රැසක් අවදානමේ – විපක්ෂ නායක සජිත් (VIDEO)

සෞඛ්‍ය අංශය සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ ප්‍රමාණවත් පරිදි සැපයීමට අද වනවිට ආණ්ඩුව අපොහොසත් වී ඇති අතර,එයිනුත් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ ප්‍රතිකාර උපකරණවල හිඟය හා නඩත්තු ගැටලු නිසා එම රෝගීන්ගේ ජීවිත විශාල සංඛ්‍යාවක් අනතුරේ වැටී ඇති බව වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ජනතාවට ලබාදීම රජයේ වගකීමක් වන අතර එය සිදු නොවීම කනගාටුවට කරුණක් බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ අතර, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 19/2022 සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද අදාල වන්නේ නම් දැනට පවතින මානව සම්පත් කළමනාකරණය ද තවදුරටත් ගැටලු සහගත විය හැකි යැයිද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ස්ථාවර නියෝග අංක 27/2 යටතේ ඊ‍යේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් නගමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...