විරෝධය නොතකා ඉන්ධන ආනයනය, බෙදාහැරීම පෞද්ගලික අංශයට – දෙසැම්බර් සිට ක්‍රියාත්මකයි

Date:

පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික අංශයට ඉන්ධන ආනයනය කිරීම හා බෙදාහැරීම සඳහා අවසර ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ලබන නොවැම්බර් අවසානය වනවිට ඒ සඳහා සුදුසු සමාගම් තෝරා අවසන් කිරීමටයි සැළසුම් කර තිබෙන්නේ.

මේ සඳහා සුදුසු සමාගම් තෝරා ගැනීම වෙනුවෙන් පුවත්පත් දැන්වීම් පළකර තිබූ අතර සමාගම් 24 ක් ඒ සඳහා ඉදිරිපත්ව සිටිනවා. ඉදිරියේදී මෙම සමාගම් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව වඩාත් සුදුසු සමාගම් කිහිපයකට ඉන්ධන ආනයනය සහ බොදාහැරීම සඳහා අව්සථාව හිමි වේ.

මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව යටතේ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 1250 න් කොටසක් පෞද්ගලික අංශය හරහා ආනයනය කරන ඉන්ධන අලෙවිය සඳහා ලබාදෙනු ඇත.

දැනට රජයට අමතරව ඉන්ධන අලෙවිය සිදු කරන ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණය සියයකට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ දැමීම සඳහා අවසර ලබා දී ඇති අතර පෞද්ගලික අංශයට තවත් ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණයක් වෙන් කිරීමත් සමග ඉන්ධන කර්මාන්තය තුළ රාජ්‍ය මැදිහත්වීම සැළකිය යුතු ප්‍රමාණයකින් අවම වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...