එස්එස්සී ඉල්ලුම් පත්‍ර 22 සිට 26 ට කල් යයි

Date:

එස්එස්සී ක්‍රීඩා සමාජය,බස්නාහිර පළාත් බාඩ්මින්ටන් සංගමය සමඟ එක්ව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සහයෝගය සහිතව පවත්වනු ලබන ජාතික මටිටමේ පළමු පෙළ බැඩ්මින්ටන් තරගාවලිය ඔක්කොම්බර් 7 වන දා සිට 15 වන දා දක්වා එස්එස්සී සහ වෙළද සේවා බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩා පිටිවල පැවත්වීම වෙනස් නොවුණත්,ඒ සඳහා ඇතුළත්වීම සඳහා තව දුරටත් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට අවස්ථාව උදා කර දීමට ඇතුළත්වීමේ අවසාන දිනය සැප්තැම්බර් 22 සිට 26 දක්වා කල් දමා ඇත.

රුපියල් මිලියනයක ත්‍යාග මුදල් පිරිනැමෙන තරගාවලිය සඳහා ජාතික මට්ටමේ පිරිමි සහ කාන්තා කේවල තරගත්,කාන්තා යුගල,පිරිමි යුගල සහ මිශ්‍ර යුගල තරගත් අයත්ය.කණිෂ්ට අංශයේ තරග අවුරුදු 11 පහළ සිට 19 න් පහළ දක්වා බාලක සහ බාලිකා ඒකල සහ යුගල වශයෙන් පැවත්වීමට නියමිතය.එසේම අවුරුදු 30 සිට 70 දක්වා වයස් කාණ්ඩ යටතේ ප්‍රවීන බැඩ්මින්ටන් තරග පැවත්වෙන අතර ඊට කාන්තා සහ පිරිමි කේවල,යුගල මෙන්ම මිශ්‍ර කාණ්ඩයේ තරගද ඇතුළත් ය.

විශේෂ ඉසව්වක් ලෙස පියවරුන්ට,මව්වරුන්ට සහ පියා – දුව මෙන්ම මව – පුතා ලෙස ද තරග පැවත්වෙන පවුලේ තරග කාණ්ඩයක්ද ඇතුළත්වීම විශේෂත්වයකි.තරගාවලියට ඇතුළත්වීම සඳහා වන සියලු මාර්ගෝපදේශ සඳහා පහත සබැඳියෙන් පිවිසෙන්නට හැකිය.
https://srilankabadminton.lk/tournament/wpba-sscall-island-open-badmintonchampionships-2023/?fbclid=IwAR3g2UTgGGXb3z5GyhWI6S1supf7IKetHi_7G6O9ONFVq5LGk6flnnpgfus

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...

විගමනික සේවක වෙළඳ ප්‍රදර්ශනයක් අද(20) දියත උයනේදී….

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකා විදේශ...