*
Friday, May 3, 2024
spot_img

Latest Posts

පාස්කු ප්‍රහාරය : සාරා ජෙස්මින්ගේ DNA පරීක්ෂාව ඇතුළු ප්‍රශ්න රැසකට ඇමති ටිරාන්ගෙන් පිළිතුරු (VIDEO)

සයින්දමරුදු ආරක්ෂක නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමන් පසු සරා ජස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් එම ස්ථානයේදීම මිය ගිය බව සනාථ කෙරෙන තොරතුරු රැසක් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ, ප්‍රාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති දෙදින විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

සයින්දමරුදු ප්‍රහාරය අවස්ථාවේ දී සාරා ජෙස්මින් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් පැළඳ සිටි බව සහරාන්ගේ බිරිඳ වන හාදියාගේ ප්‍රකාශය මගින් සනාථ වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම සාරාගේ මරණය තහවුරු කිරීම සඳහා සිදු කළ DNA පරීක්ෂණ පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අතර අමාත්‍යවරයා ඔවුන්ට පිළිතුරු ලබාදුන්නේ ය.

සයින්දමරුදු සිදුවීම සිදුවූ ස්ථානයේ අධිබලැති බෝම්බ කිහිපයක්ම පුපුරා ගොස් ඇතැයි සනාථ වී ඇති බවත් එම ස්ථානයේ තිබූ මළ සිරුරු කොටස් බොහොමයක් ඉතා කුඩා කැබලිවලට කැඩී ගොස් තිබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සාරා ජෙස්මින්ගේ මරණය තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂණ වලය අවශ්‍යය සාම්පල තුන් වතාවක් ගත් බව ටිරාන් අලස් අමාත්‍යවරයා පැවසිය.

සිද්ධිය වූ වහාම 2019 මැයි 02 වන දින පවත්වන ලද මරණ පරික්‍ෂණයේ දී පිපිරුම් සිදු වූ ස්ථානයේ මළ සිරුරක් ලෙස හඳුනාගත හැකි වැඩිහිටි සිරුරු 06 ක් ද විනාශ වී ගිය වැඩිහිටි මළ සිරුරු 04 ක කොටස් සහ විනාශ වී ගිය දරුවන්ගේ මළ සිරුරු 06 ක රුධිර සාම්පල 26 ක් ලබාගෙන ඇත.

නමුත් ඉතිරි අවශේෂ කොටස් වල සාම්පල ලබාගෙන නොතිබිණ. එහෙත් රස පරික්‍ෂක කාර්යාලය වෙත යොමු කරන ලද රුධිර සාම්පල වලින් සාම්පල 11 ක් නරක් වී ඇති බවත්, ඒ අනුව, නරක් වූ සාම්පල වලට අදාළ සිරුරු කොටස් වලින් පමණක් ඉන් පසු 2019 ජුනි 07 වන දින සාම්පල 11ක් ලබාගෙන දෙවන පරික්‍ෂාව සිදුකර ඇත.

එහෙත් මේ ගැන සිදුකළ තෙවැනි DNA පරීක්ෂණය 2022 අප්‍රේල් 27 වන දින සිදු කර තිබේ. ඒ අනුව එම පිපිරුම සිදු වූ ස්ථානයේ තිබූ සියළුම මළ සිරුරු සහ අවශේෂ කොටස් ආවරණය වන පරිදි සාම්පල 83 ක් ලබාගෙන DNA පරික්‍ෂණය සිදුකර ඇත. එහිදී සාරා ජෙස්මින්ගේ මවගේ සහ සාරා ජෙස්මින්ගේ DNA සාම්පල සැසඳී ඇත.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත මහසේත්‍රාත්, අධිකරණ වෛද්‍ය, රස පරික්‍ෂක ඇතුළු අනෙකුත් ආයතන වල නිලධාරින් ඉදිරියේ මෙම ක්‍රියාවලිය සිදුකර තිබේ.

විමර්ශන නිලධාරින් විසින් සියළු ශරීර කොටස් ආවරණය වන පරිදි රුධිර සාම්පල ලබානොගැනීම හේතුවෙන් පළමුවර සහ දෙවනවර පරික්‍ෂණ කටයුතු නිසි පරිදි සිදුවී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

මීට අමතරව මෙම විවාදයේ දී විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු ප්‍රශ්න කළ අබු හින්ද් නමැති පුද්ගලයාට ඉහළින් බුද්ධි ප්‍රධානීන් සිටි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිය පිළිතුරු කතාවේ දී සදහන් කළේය.

එමෙන්ම ‘පොඩි සහරාන්’ සමග කටයුතු කළ ‘සොනික් සොනික්’ යන කේතයෙන් හැඳින් වූ පොලිස් පරීක්ෂක බණ්ඩාර රට හැර ගොස් නොමැති බවත් ඔහු තවමත් සේවයේ සිටින බව ද අමාත්‍යවරයා පැවසුවේය.

ටාජ් හෝටලයේ බෝම්බය පුපුරවා ගැනීමට ගොස් එම ස්ථානයෙන් ඉවතට පැමිණි ජමීල්ට දුරකථන ඇමතුම් ලබා දී තිබුණේ සුරේෂ් සලේ නොව ජමිල්ගේ බිරිඳ බවත් අමාත්‍ය ටිරාන් අලස් මහතා සිය පිළිතුරු කතාවේ දී සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan