ආනයනය සීමා ඉවතට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන මාසයේ දී, දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමට පියවර කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටී.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” මෙරට විශාලම අර්බුදය වුණ රෙමිටන්සස් අපිට අද සාමාන්‍ය මට්ටමකට ඉහළ නැංවෙලා තියෙනවා. අපිට අත්‍යවශ්‍ය ආනයන කරන්න අපේ සංචිත ප්‍රමාණය ශක්තිමත් වෙමින් පවතිනවා. අපි හිතනවා දැනට එච්එස්පී හෝට් 600කට ආසන්න ප්‍රමාණයක ආනයන සීමා පවත්වාගෙන යනවා. එතනින් අපිට ලබන මාසේ වෙද්දි වාහන සඳහා අදාළ එච්එස්පී හෝට් 270කට ආසන්න ප්‍රමාණය හැර අනෙක් සියලුම ආනයන සීමා අපට නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. ඒක ලබන මාසේ වෙද්දි නිදහස් වීම සිදු වේවි. ඒ තුළ මිල ස්ථාවරත්වයට විශාල පිටුවහලක් ලැබෙයි. මොකද දැන් වෙලා තියෙන්නේ සමහර ඒවා සීමා කරලා තියෙන හින්දා ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළෙඳපොළේ නැහැ. එතකොට මිල ඉහළ යෑමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා රජය ඉදිරියේ දී මේ විවෘත වෙළෙඳපොළ ප්‍රතිපත්තියට අදාළව කටයුතු කරනවා මිස ඒ අනවශ්‍ය මැදිහත් වීම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතනින් අපි බලාපොරෝත්තු වෙනවා සාධාරණ වෙළෙඳාමක් වෙනුවෙන් සියලු ව්‍යාපාරික ප්‍රජාවත් ගමන් කරයි කියලා.”

අනුරාධපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ):...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...