තිවාරි හැන්ග්ෂූ පහසුකම් ගැන පැහැදෙයි

Date:

බැංකොක් හී පැවති ආසියානු ඔලිම්පික් නිලධාරින් තේරීමේ නිලවරණයේ දී ඇති වූ තත්ත්වය මත එහි ප්‍රධානියා බවට පත් කළ විනෝද් කුමාර් තිවාරි හැන්ග්ෂු ක්‍රීඩා ගම්මානයේ තිබෙන පහසුකම් සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළේය.කොවිඩ් බලපෑම නිසා එම වෛරසයේ බලපෑමෙන් පීඩාවට පත් වූ ප්‍රධාන ර්මස්ථානයක් වූ චීනය වසරක කාලයකට ක්‍රීඩා උළෙල කල් තබා පවත්වන මෙම ක්‍රිඩා උළෙලේ සංවිධාන තත්ත්වය ගැන අදහස් දක්වමින් තිවාරි මේ බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ක්‍රීඩක ක්‍රිඩිකාවන්ම 12,500 ක් පමණ සහභාගි වන මෙම ක්‍රීඩා උළෙල වෙනුවෙන් නවාතැන් ගැනීමට ක්‍රීඩා ගම්මානය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම තාක්ෂණික නිලධාරින්ටත්,මාධ්‍ය නිලධාරීන්ටත් ලබා දී ඇති පහසුකම් අනුව එය 20,000 ට අධික පිරිසකට පහසුකම් සැළසීමක් බව තිවාරි පෙන්වා දුන්නේය.කාබනික බලපෑම අවම කරමින් හරිත ගම්මාන සංකල්පය අනුව නවාතැන් සඳහා ඉදිකර තිබෙන පරිසර හිතකාමී මහල් නිවාස පද්ධතියේ හැසිරෙන්නට හොඳින් ඉඩ පහසුකම් සළසා තිබෙන බව විනෝද් කුමාර් තිවාරි පැවසීය.තරග උළෙල සංවිධානයේ දී අවස්ථා කිහිපයකදීම එහි සංචාරය කරමින් පෙර සූදානම ගැන විමසිළිමත් වූ අයෙක් හැටියට තිවාරි පෙන්වා දෙන්නේ තමන් මෙම සූදානමේ ඇති සූක්ෂමකම ගැන මහත් පැහැදීමෙන් සිටිය බවය.තරග සඳහා සහභාගිවන්නන්ට ඉහළම ප්‍රමිතියෙන් යුතු පසුබමික තරග වැදීම සඳහා පහසුකම් සළසා තිබෙන බවත්,විශේෂයෙන්ම කරග නැරඹීමේදී නරඹන්නන් වෙනුවෙන් ඇති කර තිබෙන පහසුකම්වල ඉහළ තත්ත්වය ගැනත් තිවාරි අදහස් දක්වමින් මේ බව පැවසීය.

මේ තරගාවලිය සම්බන්ධයෙන් ආසියාවේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට ගැටළුවක් ඇති නොවිය යුතු බව සම්බන්ධයෙන් යහපත් ස්ථාවරයක පිහිටුවා කටයුතු කරන තිවාරි,ආසියානු රග්බි සංගමය ආසියානු ඔලිම්පික් කවුන්සිලයද ඉක්මවා යමින් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩකයන්ට මෙම ආසියානු තරගාවලියට සහභාගි වීම වැළක්වීමට ගත් උත්සාහයේදී ආසියානු රගර් සම්මේලනයට දැඩිව අවවාද කරමින් ශ්‍රී ලංකා රගර් ක්‍රීඩකයන්ට තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව උදා කර දුන් පුද්ගලයා විය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...