*
Saturday, May 11, 2024
spot_img

Latest Posts

ජනමාධ්‍ය නියාමන පනත කියන්නෙම ගොබ්බ පනතක් – කරු පරණවිතාන

කොළඹ LNW:ජන මාධ්‍ය නියාමන පනත ඉතාමත්ම අත්තනෝමතිකව සකස් කරන ලද, රටේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාෂණයේ දරුණු ලෙස උල්ලංඝනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් කෙටුම්පතක් බව හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසයි.

අන්තර්ගතය දෙස බලන විට එය ශ්‍රී ලංකාව ලෝකයෙන් හුදකලා කරන මහා ගොබ්බ පනතක් බවයි පරණවිතාන මහතා පවසන්නේ.

මේ පනත සම්මත වීම වැළැක්වීම සඳහා කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම ජනතා බලවේග වලින් ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කරයි.

”මේ පනත සකස් කරලා තියෙන ආකාරය දිහා බලනකොට අපිට පේනවා මේ පනත සකස් කරපු අය හිතනවා කියලා මේ ලංකාවේ තිබෙන ප්‍රධාන ම ප්‍රශ්නය මේ සමාජ මාධ්‍යයේ ප්‍රශ්නය කියලා දැන් මොනවද ලංකාවේ තිබෙන ඇත්ත ප්‍රධාන ප්‍රශ්න අපේ මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තිබෙන්නේ. ඒක මේ සමාජ මාධ්‍ය විසින් ඇති කරපු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක අපි කවුරුත් දන්නවා. ඒ ආර්ථික බංකොලොත්භාවය නිසා රටේ ඉන්න දිළිඳු ජනතාව අන්ත දිළිඳු බවට පත්වෙනවා. මධ්‍යම පන්තික ජනතාව දිළිඳු බවට පත්වෙලා. මුළු රටේම විශාල දිළිඳු අගාධයකට ඇද වැටෙමින් තිබෙනවා රටම. මිනිස්සුන්ගේ ආදායම් නැතිවෙලා, කර්මාන්ත වැහිලා. ගොවිබිම් වැඩබිම් වැහිලා. අලුත් ඒවා එන්නේ නෑ. ණයගැතිභාවය උග්‍රයි. විශාල දරිද්‍රතා අගාධයක් රට ඉදිරියේ රට ගිල ගනිමින් තිබෙනවා. ඒක සමාජ මාධ්‍ය ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි ඒක. එහි ආනුසාංගික ප්‍රතිඵල වශයෙන් මේ ආර්ථික බංකොලොත්භාවයේ. තව ප්‍රශ්න ගොඩක් ඇතිවෙමින් තියෙනවා. එකක් තමයි. අපේ තිබෙන දැවැන්ත සමාජ සුබසාධන සේවාවක් වෙච්චි මහජන සෞඛ්‍යය, අධ්‍යාපන ක්ෂේත්‍රවල විශාල කඩාවැටීමක් බිඳවැටීමක් ඇතිවෙමින් තිබෙනවා. ඒකත් සමාජ මාධ්‍ය ඇති කරපු ප්‍රශ්නයක් නෙවෙයි. නියං කාලෙට වතුර ටික බෙදා ගන්න බැරි වෙන එක, වතුර නැති එක, ජල හිඟය මේ වාරි වාරිමාර්ග ක්‍රමවල ප්‍රශ්න ගොඩක් අපේ රට මුහුණපාන්න තිබෙනවා. ප්‍රවාහන වගේ ක්ෂේත්‍රවල විශාල ප්‍රශ්න මතුවෙලා තිබෙනවා. ඒවාත් සමාජ මාධ්‍ය ඇති කරලා තියෙන ප්‍රශ්න නෙවෙයි. ඒ වගේම තමයි මේ අද රටේ ඇතිවෙලා තිබෙන මේ අසහනකාරී වාතාවරණය නිසා දුක්ඛදායක වාතාවරණය නිසා විශේෂයෙන්ම මේ රටේ වෘත්තිකයෝ, විද්වත් වෘත්තිකයෝ, ශිල්පියෝ වැඩක් කරන්න පුළුවන් අය මේ රට අතහැරලා දාලා යනවා. විශාල පිරිසක් රටේ වැඩක් කරන්න පුළුවන් වෙයි. රටේ යම් යම් ක්ෂේත්‍රවල වගකීම දරන්න පුළුවන් අය රට අතහැර දමමින් වෙනත් රටවල් වල මීට වඩා හොඳ ජීවිතයක් බලාපොරොත්තුවෙන් රට අතහැර දමමින් තිබෙනවා. ඒකත් සමාජ මාධ්‍ය ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඇත්තටම රටේ ජනතාව බලාගෙන ඉන්නේ රජය මෙන්න මේ කියන ප්‍රශ්නවලට, සම්පූර්ණ වැර යොදලා, මෙන්න මේ කියන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න රටේ ජනතාවත් එක්ක වැඩ කරයි කියන බලාපොරොත්තුව තමයි මිනිස්සුන්ට තියෙන්නේ.

නමුත් ඒ වෙනුවට අපට එන්නේ මොනවද? රටේ තියෙන මහා ප්‍රශ්නයක් විශාල මර්දනීය අණ පනත් ආණ්ඩුව ගෙනෙමින් තිබෙනවා. මේ දැන් ඉදිරිපත් කරලා තිබෙන මේ සමාජ මාධ්‍ය නියාමන පනත, මේ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ මේ පනතත්, ඒ වගේ විශාල මර්දනීය පනතක්.” යනුවෙන් පරණවිතාන මහතා වැඩිදුරටත් පවසයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan