ඩලස් පිළේ මන්ත්‍රී 02 කට පොදු‌ දේපල පනත යටතේ නඩු ?

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, ඩලස් අලහප්පෙරුම මහතා සමග විපක්ෂයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන දෙකක් භාවිතා කිරීම හේතුවෙන් මෙම චෝදනා එල්ල වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ චෝදනා ගොනු කිරීමට නියමිතව තිබෙන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාට සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතාට එරෙහිවයි.

අරගල සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට සහ රථවාහනවල ප්‍රහාර එල්ල වූ බැවින් තමන්ගේ වාහන වෙනුවට වෙනත් වාහන භාවිතා කිරීමට කටයුතු කර තිබිණි. ඇතැම් මැති ඇමතිවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා, රජයට අයත් වාහන ලබා දී තිබූ අතර මේ වනවිට මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බැවින් ඔවුන් අදාල වාහන යළි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාරදීමට කටයුතු කර තිබේ.

කෙසේ නමුත් ඩලස් පාර්ශ්වය නියෝජනය කරන ලලිත් එල්ලාවල සහ කේ.පී.එස්. කුමාරසිරි මන්ත්‍රීවරුන් දෙදෙනා වාහන යලි බාරදීමට කටයුතු කර නොමැති බවයි වාර්තා වන්නේ. KT 7233 සහ PH 4201 දරන ලෑන්ඩ් කෲසර් රථය සහ ටොයෝටා හයිලක්ස් කැබ් රථය ඔවුන් දෙදෙනාට ලබා දී තිබූ අතර එම රථවාහනවල වෙළඳපොල වටිනාකම රුපියල් කෝටි 05 කට ආසන්න වේ.

වාහන යළි බාර නොදීම හේතුවෙන් ඔවුන්ට පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල කළ හැකි බව ආණ්ඩුවේ නායකයන් අතර සාකච්ඡා වී තිබෙනවා. ඇතැම් විට මන්ත්‍රීවරුන් දෙදෙනා අත්අඩංගුවට පත්වීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...

ඉන්දියාවේ අඛණ්ඩ සහය – තවත් හදිසි වෛද්‍යාධාර තොගයක් මෙරටට!(PHOTOS)

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හදිසි...