නැවතත් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් අපේ රජයක් හදනවා – මහින්දානන්ද

Date:

ඉදිරියේදී නැවතත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජයක් බිහිකිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“තව අවුරුදු දෙකහමාරක් තියෙනවා මැතිවරණයක් සඳහා යන්න. ජනාධිපතිවරණයට, පාර්ලිමේන්තු මැතිවරණයකට. පළාත් පාලන මැතිවරණය තියෙන්නෙ මාර්තු මාසේ, තව කල් තියෙනවා පළාත් පාලන මැතිවරණයට. අපි විශ්වාස කරනවා දෙසැම්බර් මාසෙ වෙනකොට මේ තියෙන අර්බුදය සෑහෙන දුරට අපට මඟහරවා ගන්න පුළුවන් වෙයි කියලා. නැවතත් මේ රට යථාවත් කරලා ඉදිරියට පක්ෂය අරගෙන ගිහිල්ලා නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ රජයක් බිහිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) මහනුවර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...