ජනපති රනිල් අද දිවයිනෙන් පිටව යයි

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) රාත්‍රියෙහි ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ, තෙදින නිල සංචාරයක් සඳහා ය.

ජනාධිපතිවරයා එහිදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිතව ඇත.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා ඇතුළු ජපන් රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය. මෙහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉන්දියාව, චීනය ඇතුළු ප්‍රධාන රටවල් සමග සාකච්ඡා කිරීමට මැදිහත් වන මෙන් ජපාන රජයට ආරාධනා කිරීමට නියමිත බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...