ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම වැදගත් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම වැදගත් බවත් ඒ තුළින් සෘජු විදේශ ආයෝජන කෙරෙහි අවධානය යොමු කිරීමටත්, තොරතුරු තාක්ෂණය,නව තාක්ෂණික ව්‍යපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අනාගත සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තරුණ පරපුර නව ඉඩප්‍රස්ථා තුළින් සන්නද්ධ කිරීම හරහා රට තුළ වේගවත් සංවර්ධනයක් ලඟා කළ හැකි යැයි තමන්ට විශ්වාස බවයි ඒ මහතා සඳහන් කළේ.

සෑම දෙයක්ම නොමිලේ ලබා නොදී අවශ්‍යතාව තහවුරු කරගෑනීමෙන් පසු ඒ, ඒ, පුද්ගලයන්ට පමණක් සහන ලබාදීමේ වැදගත්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නා.

අලස කමින් මිදී කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීම තුළින් රට ගොඩනැගිය යුතු බවත්, ඒ සඳහා රාමුවලට කොටු නොවී, ප්‍රමුඛතා මත තීන්දු තීරණ ගත යුතු බවත්, විපක්ෂනායකවරයා මෙහිදී අවධාරණය කළා.

අසාධාරණ ලෙස රැකියා අහිමි වූවන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්, කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් නොවන පරිදි, දේශපාලන පළිගැනීම් මත රැකියා අහිමි වූවන්ට ඉදිරියේ සාධාරණයක් ඉටු කිරීමට සමගි ජන බලවේගය අපේක්ෂා කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අසාධාරණයට ලක් වූ රැකියා විරහිත උපාධිධාරීන් සහ රැකියාවලින් ඉවත් කළ ව්‍යාපෘති නිලධාරීන් පිරිසක් සමඟ පසුගියදා පැවති හමුවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි...

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...