ඩයනාගේ යෝජනාව යථාර්ථයක් වෙයිද ? ගංජා වවන්න අක්කර 10,000 ක් !

Date:

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අක්කර 10,000 ක් ගංජා වගාව සඳහා වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

ඊට අදාල යෝජනාව ඔක්තෝබර් 05 වැනිදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබෙන්නේ.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පසුගිය දිනවලදී අපනයන භෝගයක් ලෙස ගංජා වගා කළ යුතු බව ප්‍රකාශ කළ අතර ඇයගේ යෝජනාව පිළිබඳව මේ දිනවල දැඩිලෙස කතාබහට ලක්ව තිබේ.

භික්ෂූන් වහන්සේලා ඇතුළු පාර්ශ්ව කිහිපයකින් ගංජා වගාව නීතිගත කිරීමට එරෙහිව විරෝධය එල්ල වී ඇති නමුත් ඩයනා ගමගේ අමාත්‍යවරිය සිය සටන අත නොහරින ආකාරයක් පෙනෙන්නට තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...