රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW :
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි මහත්මියව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇයට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ තම ස්වාමිපුරුෂයාට එරෙහිව පවතින නඩුවක තීන්දුව ලිහිල් කරවා ගැනීම සඳහා අධිකරණ සේවකයෙකුට අල්ලස් ලබා දීමට උත්සාහ කිරීමයි.
අත්හිටවූ සිරදඬුවමක් ලබාගැනීමේ අරමුණින් රුපියල් 50,000ක මුදලක් ලබාදුන් බවට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.
සැකකාරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව පවතී.


