ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:ආණ්ඩුවට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිදු අවශ්යතාවක් නොමැති අතර ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ ජනවරමේ සාරයට අනුව බව සභානායක ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක පැවසීය.
අමාත්යවරයා මේ බව පැවසුවේ අද (25) 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයේ විවාදයට එක්වෙමිනි.
ප්රජාතන්ත්රවාදයෙන් තොරව රට පාලනය කිරීමේ කිසිදු අවශ්යතාවක් නොමැති බවයි ඔහු අවධාරණය කළේ.
”කාරියප්පර් මන්ත්රීතුමා කිව්වා අපි තුනෙන් දෙකට ඇබ්බැහි වෙයි කියල. ඔබතුමා දන්නවා පහුගිය අවුරුදු දෙකේම අපිට තිබුණ චෝදනාව මොකක්ද? තුනෙන් දෙක දීලා තියෙනවා කොස් කොටන්නවත් ගන්නේ නැහැ කියල. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු කථානායකතුමනි නිතර නිතර යොදාගන්න. අපි මේ රට ප්රජාතන්ත්රවාදයෙන් තොරව පාලනය කිරීමේ කිසිම අරමුණක් අපිට නැහැ. අපි ජනවරමේ සාරයට අනුව යන්නේ. තුනෙන් දෙක ජනතාව අපිට දීලා තියෙන්නේ පාවිච්චි කරන්න තමයි. ඒක පාවිච්චි කළ යුතුයි. නමුත් අපි ඒකට ඇබ්බහි වෙන්නේ නැහැ. මොකද ඒක බලය සම්බන්ධ ප්රශ්නයක් නෙවෙයි. ඔබතුමන්ලා ගොඩක් පටලවා ගත්තා. හැම නඩු තීන්දුවකම තිබුණේ මීට කලින් දීපු ව්යවස්ථාදායකයේ කාලය, විධායකයේ කාලය සහ ඉහළ අධිකරණවල නිලධාරීන්ගේ කාලය දික් කරනවා නම් එකට ජනමත විචාරණයක් ඕනේ කියපු එක තමයි ඔය හැම තැනම උපුටා දක්වපු නඩු තීන්දුව. මේකේ විධායකයේ කාලය දික් වෙන්නේ නැහැ. ව්යවස්ථාදායකයේ කාලය දික් වෙන්නේ නැහැ. ඉහළ අධිකරණයේ පමණක් නෙවෙයි පහළ අධිකරණයේ ඉඳලා ඔක්කොගෙම කාලය දික් වෙනවා. අධිකරණයේ කියල තියෙන නඩු වාර්තාවේ මොකක්ද කියන්නේ, ඔබතුමන්ලා අවුට් ඔෆ් ද කන්ටෙන්ට් වෙන තත්ත්වයක යොදා ගන්න තියෙන තර්කයක් මෙතනට ගෙනත් දානවා. ඒ නිසා අපිට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිම අවශ්යතාවක් නැහැ.” යනුවෙන් අමාත්යවරයා පැහැදිලි කරන ලදී.


