නීපා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා!

0
474

නදීක දයා බණ්ඩාර – මහනුවර

ශ්‍රී ලංකාවට මේ දක්වා තර්ජනයක් නොමැති නමුත් නීපා වෛරසෙයන් රට ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් හා වෛරසවේදය සම්බන්ධ විශේෂඥයින් නීපා වෛරසය රටට ඇතුළු වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් කුමන හෝ හේතුවකින් වෛරස් රෝගීන් රට තුළින් වාර්තා වුව හොත් ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධවත් සාකච්ඡා කරමින් සිටින බව ද ඒ මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මහනුවර දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ගුවන් මගින් වෛරස් අසාධිත පුද්ගලයින් රටට ඇතුළු වීමේ අවධානමක් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

මෙයට අමතරව වන්දනා ගමන් සඳහා විදේශ ගතවන පුද්ගලයින් මගින් රෝගය රටට ඇතුළු වීම වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර තිබෙන්නේ යැයි හෙතෙම අවධාරණය කළේය.