ප්‍රසන්න නිර්මාණය කළ චිත්‍රපටයක් මනිරත්නම් ලොව පුරා ගෙන යයි; මංගල දර්ශනය හත් වැනිදා..

Date:

සටහන – ප්‍රසන්න විතානගේ

ශ්‍රී ලාංකේය සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරන ලද නවතම සිනමා නිර්මාණය වන “පැරඩයිස්” ඉන්දීය සුප්‍රකට සිනමාවේදී මනිරත්නම් ගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම මඟින් ලොව පුරා තිරගත කරවීමට සූදානම් වෙයි.

පැරඩයිස් මංගල දර්ශනය ඔක්තෝම්බර් මස 7 වැනි දින දකුණු කොරියාවේ බූසාන් නගරයේ දී ප්‍රදර්ශනය වීමට නියමිතය. ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් ඉන්දියාවේ ඉහළ පෙලේ නිෂ්පාදන සමාගමක් මඟින් ලොවට ඉදිරිපත් කරන මුල්ම අවස්ථාව මෙය වන අතර චිත්‍රපටය ප්‍රසන්න විසින් නිර්මාණය කරන ලද්දේ මලයාලම් භාෂාවෙන් වීම විශේෂයකි.

චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබනුයේ ද කේරළයේ චිත්‍රපට සමාගමක් වන “නිව්ටන් සිනමා ආයතනය” යි. පැරඩයිස් චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංඟනය සඳහා මලයාලම් සිනමාවේ ජනප්‍රිය සිනමාතරු යුවළක් වූ රෝෂන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන් දායකව සිටිති. සහමුලින්ම මෙරට දී රූ ගත කරන ලද මෙහි මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක ඇතුළු නළු නිළියන් රැසක් ද රංඟනයෙන් හවුල් වූ “පැරඩයිස්” සඳහා සම්මානනීය ඉන්දිය සිනමා ශිල්පීන් වූ රජීව් රවී, කැමරා අධ්‍යක්ෂණයෙන් ද ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද කේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද චිත්‍රපටයට දායක ව සිටිති. දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂණයෙන් ද ට්‍රිලන් ශාස්ත්‍රී රේඛීය නිෂ්පාදනයෙන් ද පැරඩයිස් සඳහා එක් වූ සෙසු පිරිස අතර සිටිති. ප්‍රසන්න ගේ “පැරඩයිස්” මෙවර බූසාන් අන්තර් ජාතික සිනමා උලෙළෙහි ප්‍රදර්ශනය කරනු ලබනුයේ ඉන්දියා හා ශ්‍රී ලංකා එකම නියෝජනය හැටියට ය.

කේරළ සිනමාවේ දර්ශනා හා රෝෂන් මෙරට මලයාලම් සිනමා ලෝලීන් අතර ද අතිශය ජනප්‍රිය සිනමා යුවළකි. දර්ශනා රඟපෑ “හෘදයම්” මෙරට සිනමා ලෝලීන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ චිත්‍රපටයකි. දර්ශනා “වයිරස්, සී යූ සූන්, ඉරුල්, ජය ජය හේ” වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක ද රෝෂන් “මැච් බොක්ස්, තෝටප්පන්, සී යූ සූන්, කුරුති,..” ඇතුළු චිත්‍රපට රැසක ද රංඟනයේ යෙදුණහ. ජනප්‍රිය සිනමාවේදී මනිරත්නම් ඉන්දියානු නොවන සිනමාකරුවකුගේ චිත්‍රපටයක් ලොව ට ඉදිරිපත් කරන මුල්ම අවස්ථාවද මෙයෙ වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...