තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ (LNW)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය සිය තනතුරුවලින්  ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සිලොන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ්, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්  යන සමාගම් ත්‍රිත්වයේ ඔහු දැරූ සභාපති තනතුරුවලින් ඉල්ලා අස්ව ඇති බව වාර්තා වේ.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබෙන අතර, නව අමාත්‍යවරයාට තමන් කැමති මණ්ඩලයක් පත් කර ගැනීමේ නිදහස ලබා දීම සඳහා තමන් තනතුරුවලින් ඉල්ලා අස්වන බව එම ලිපියේ සඳහන් කර ඇති බව වැඩිදුරටත් පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...