කමල් ගුණරත්නගේ සහ දේශබන්දුගේ උපදෙස් ක්‍රියාත්මක කළ නිලධාරීන්ට වැඩවරදියිද? (VIDEO)

Date:

ජනතාව අරගලය තෝරාගනිමින් සිටින්නේ අලුත් අයිතිවාසිකම් දිනාගැනීමට නොව තුන්වේල කා නොමැරී ජීවත්වීමට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පසුගියදා සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කර තිබුණු පාගමනට පහර දීම හෙළා දකිමිනුයි පුබුදු ජයගොඩ මහතා මේ බව සඳහන් කරන්නේ.

මෙලෙස විරෝධතාවලට පහර දීම,රාජ්‍ය රහස් පනත මඟින් අධිආරක්ෂිත කලාප නම් කිරීම, හදිසි නීතිය ආදිය ගෙන ඒමෙන් පෙන්නුම්කරන්නේ ආණ්ඩුව කොතරම් ජනතාවට බය වී ඇත්ද යන්න බව ඔහු කියා සිටියි.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම පහර දීම පිටුපස සිටින අතර ඔවුන්ගේ උපදෙස් මත ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කරන නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමර්ග සඳහා යොමුවන බවද ඔහු කියාසිටියි.

එමෙන්ම හැම තැනම අධි ආරක්‍ෂිත කලාප පිහිටුවමින් යන්නේ ජනතාව විසින් රටම අධි උද්ඝෝෂණ තතත්වයක් බවට පත් කරයි කියන බයට යැයිද හෙතෙම පවසයි.

කෙසේවෙතත් දැන් ජනතාවට අරගල කිරීම හැර විකල්පයක් නොමැති බවයි පුබුදු ජයගොඩ මහතා අවධාරණය කරන්නේ.

ආණ්ඩුවේ මෙම පහත පෙලේ බියගැන්වීමට බිය නොවී අරගලයට එක් වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...