රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW :
මෙම වසරේ මේ දක්වා රුපියල් බිලියන 55ක් වටිනා මත්ද්‍රව්‍ය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වසරේ මේ දක්වා සිදු කළ මෙහෙයුම්වලදී දළ වශයෙන් රුපියල් බිලියන 55ක් වටිනා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව, ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කමාන්ඩර් චමින්ද වළකුළුගේ මහතා මේ බව අනාවරණය කළේය.
මෙම වසරේ මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 1,080ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


