ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල අඩු කිරීමක්!

කොළඹ LNW:ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06 ක මිල අද (26) සිට පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 309කි.

සුදු සීනි තොග කිලෝග්‍රෑමයක මිල රුපියල් 04 කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 245ක් ලෙස දැක්වෙයි.

රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 02 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 242කි.

එමෙන්ම පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 05 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 174ක් ලෙස දැක්වෙයි.

රතු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියලකින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 173කි.

මේ අතර සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 05 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 174කි.

දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම පහළ දැමූ මිල ගණන් යටතේ භාණ්ඩ ලබාගත හැකි බව ලංකා සතොස ආයතනය නිවේදනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිවයින පුරා පස්වරු...

ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්:පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමටත් අවසර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර යළි සේවයේ පිහිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අධිකරණ සේවා කොමිෂන්...