ඖෂධ හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩර් ගැන ජනාධිපති විමර්ශනයක් පවත්වන්න – MCPA

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නැවත වරක් හදිසි ඖෂධ මිලදී ගැනීම් බව පවසමින් ප්‍රතිජීවක, නිර්වින්දන ඇතුළු තවත් ඖෂධ කාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධාන පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත පද්ධතියට අනුව අදාළ ඖෂධ රෝහල්වලත්, වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවලත් ප්‍රමාණවත් තරම් පවතින අවස්ථාවක ඒවා හදිසියේ මිලදී ගැනීමට යෝජනා කිරීම ගැටලු සහගත බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටී.

“සාමාන්‍ය ඖෂධ මිලදී ගැනීම් සඳහා අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවය ලබා දෙනවා වෙනුවට හදිසි ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බව පේන්න තියෙනවා. ඒ් බව තහවුරු කරගනිමින් තවත් හදිසි මිලදි ගැනීමේ යාන්ත්‍රණයක් සම්බන්ධව ‌තොරතුරු ප්‍රකාශයට පත්වෙලා තිබෙනවා. ප්‍රබල ප්‍රතිජීවක ඖෂධත්, නිර්වින්දන ඖෂධත් තවත් ඖෂධ කාණ්ඩ ගනණාවක් හදිසියේ මිලදි ගනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ සංස්ථාවත් වෛද්‍ය සැපයුම් ඒ්කකයත් සාකච්ඡාවක් පවත්වලා ඒ් සඳහා තීරණය කළ බව, සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාළ ලිපි මඟින් පැහැදිලි වෙනවා. මේකේ තියෙන විශේෂත්වයක් තමයි, මේ හදිසි මිලදි ගැනීම් සඳහා ඉදිරිපත් වෙලා තිබෙන යෝජනාවල සඳහන් ඖෂධ ගත්තම, එම ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට අනුව මේ වන විට රෝහල්වලත්, වෛද්‍ය සැපයුම් ඒ්කකයේ මධ්‍ය ගබඩාවලත් පවතින බව තමයි දත්ත පද්ධතිවලට අනුව පේන්න තියෙන්නේ. මේක ඉතාම ප්‍රශ්න සහගත වෙනවා. ඒ් නිසා අපි ජනාධිපතිවරයා‌ට කියනවා, ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය සම්බන්ධව වහාම ජනාධිපති විමර්ශනයක් පවත්වන්න ඕනේ.”

සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා එලෙස පැහැදිලි කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...