සෞඛ්‍ය අර්බුද ගැන කියන්න GMOA කණ්ඩායමක් NPP හමුවෙයි!

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ විධායක සභාව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද (26) පස්වරුවේ හමුවක් සිදුවිය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට පවතින ගැටළු සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දැනුවත් කිරීමයි රජයේ වෛද්‍ය නිලධාරිගේ සංගමයේ අරමුණ වී තිබුණේ.

මේ සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන,ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ජාතික ජනබලවේගය වෙනුවෙන් ජාතික විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස හා ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී සිටින සියලුම ප්‍රශ්න සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ අවධානයට ලක් කළ බවයි. .

”අද අපි ජාතික ජන බලවේගය හමු වුණා. පර්යන්තයේ රෝහල්වල තිබෙන ප්‍රශ්න පිළිබද දැනුවත් කළා. සෞඛ්‍ය ගැටලු පිළිබද ඔවුන්ව දැනුවත් කළා. රෝහල් වැහෙන්න යන එක පිළිබද අපි ඔවුන් දැනුවත් කළා. ඔවුන් පාර්ලිමේන්තුවේ හා පිටත ඔවුන්ට පුළුවන් සහයෝගය දෙනවා කිව්වා. ඉදිරියේදී අනෙකුත් දේශපාලන පක්ෂ දැනුවත් කරනවා මේ පිළිබද. බදු ප්‍රතිපත්තිය පිළිබදවත් කතා කළා. රජය අවංක නම් IMF බාධාවක් නෑ කියන එක ඔවුන්ට කීවා. ඒ පිළිබද ඔවුන්ව දැනුවත් කළා. වෛද්‍ය විද්‍යාල පිළිබද ඔවුන් දැනුවත් කළා. ජාතික ජන බලවේගය ඔවුන්ට පුලුවන් සහයෝගය ඔවුන් දෙනවා කිව්වා. වෛද්‍යවරුන් පිටරට යනවා කියන එක අපේ හිතලු නෙවෙයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේඛනවලින් ගත්තේ. ජනාධිපතිවරයා මේ වගේ අධ්‍යක්ෂවරුන්ගෙන් නම් උපදෙස් ගන්නේ පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා.” යනුවෙන්ද අලුත්ගේ මහතා පැවසුවේය.

මෙහිදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.

”සෞඛ්‍ය සේවය හිතාගන්න බැරි විදිහට කඩාවැටිලා. සෞඛ්‍ය සේවයේ වෘත්තිකයින් රට අතහැරලා යන එක සෞඛ්‍ය අමාත්‍යංශයට ගානක් නෑ. එහෙම වුනාම ප්‍රශස්ත මට්ටමේ සේවාවක් ලබාදීමේ හැකියාවක් නෑ. ආන්ඩුව කියන්න හදනවා IMF යෝජනා එක්ක බදු වැඩිකරනවා කියලා. බදු අය කළ යුතු අයගෙන් අයකරන්නේ නෑ. ආණ්ඩුව හදන්නේ IMF පෙන්වලා අර්බුදය කල්දාන්න. ජනවරමක් තියෙන ආන්ඩුවකට IMF සමග මීට වඩා හොද සාකච්ජාවක් කරන්න පුළුවන්.”යනුවෙන් ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...