සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මුල් පුටුවල වෙනසක්!

Date:

කොළඹ LNW: සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) කටයුතු කර තිබේ.

ඒ අනුව 2024 වර්ෂය සඳහා සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පත්කර තිබෙන අතර 2024 වර්ෂය සඳහා සමගි ජන සන්ධානයේ මහලේකම් ධුරය සඳහා හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා පත්කර ඇත.

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පත් කිරීමටද කටයුතු කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...