චීන ව්‍යවසායන්ට එරෙහි ඇමරිකාවේ සීමා පැනවීම් පිළිබඳ චීනයේ විරෝධය!

කොළඹ LNW:ඇමරිකාව, චීනයේ තො‍රතුරු සම්බන්ධිත මෝටර් රථ මෘදුකාංග, දෘඪාංග සහ සම්පූර්ණ වාහන එරට දී භාවිතයට සීමා පැනවීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රවෘත්ති ප්‍රකාශිකාව මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා.

ඇමරිකාවේ වාණිජ දෙපාර්තමේන්තුව අදාළ සීමා පැනවීමේ රෙගුලාසීන් නිකුත් කිරීමට නියමිත බවයි චීනය පවසන්නේ. රටේ ජාතිකාරක්ෂණ අර්ථය පුළුල් කිරීමේ මුවාවෙන් වැරදි ක්‍රියාවන් නතර කරන ලෙසත් සීමා පැනවීම් කඩිනමින් අවලංගු කොට චීන ව්‍යවසායන්ට එරෙහිව පදනම් විරහිත පීඩා එල්ල කිරීම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...