*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ක්‍රීඩා අමාත්‍යාංශයේ පාලන ව්‍යහුයේ වෙනසක් හරිනිගෙන් අලුත් අදහස්

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 26, (LNW) කොළඹ :

ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් එහි ඇති විය යුතු ව්‍යහුමය වෙනස්කම් සහ ඉදිරියේ අවධානය යොමු කළ යුතු කාරණා ගැන අග්‍රාමාත්‍ය සහ ක්‍රීඩා අමාත්‍ය හරිනි අමරසූරිය දැක් වූ අදහස් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර ඇත.එම මාධ්‍ය නිවේදනය උපුටා ගනිමින් පහත තොරතුරු ඉදිරිපත් කර තිබේ.

• ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදන වල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්න.
• උත්සව පැවැත්වීම වෙනුවෙන් සිදු කරන අනවශ්‍ය මුදල් හා රාජ්‍ය සම්පත් නාස්තිය වහා නවත්වන්න.
• ක්‍රිඩා අංශවල සිදුවන අපයෝජන සහ හිංසා වැලැක්වීමේ කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍යයි.
• රාජ්‍ය ආයතන වල සිදු වූ වංචා දූෂණ සොයන්න විශේෂ කමිටුවක්
ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපාදන වියදම් කිරීම පිළිබඳ සංඛ්‍යා ලෙඛන පැවතියද එහි ප්‍රගතිය සම්බන්ධයෙන් නිසි විගණනයක් අවශ්‍ය බවත්, කඩිනමින් ඒ පිළිබඳ අභ්‍යන්තර විගණනයක් සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය උපදෙස් ලබා දෙන ලදී.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය,
“අග්‍රාමාත්‍යවරිය ලෙස මට භාරව තිබෙන සියලු අමාත්‍යංශ වල සිදුවිය යුතු සහ මෙතෙක් සිදු නොවුණ ප්‍රමුඛතා හඳුනා ගනිමින් යනවා. විශේෂයෙන් ක්‍රිඩා අමාත්‍යාංශයේදී විශේෂ කාරණා කිහිපයක් මතු වුණා.
රාජ්‍ය මුදල් නාස්තිය සහ අවභාවිතය පිළිබඳව රජයක් ලෙස අපි දැඩි අවධානයෙන් ඉන්නවා, ඒවගේම අපි වියදම් පාලනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒනිසා උත්සව සඳහා සිදුකරන නාස්තිය අඩු කරන්න.
රාජ්‍ය ප්‍රතිපාදන ලැබෙන සහ වියදම් කළ ප්‍රමාණ පිළිබද සංඛ්‍යා ලේඛන අමාත්‍යංශය සතුව තිබෙනවා. නමුත් ඒ වියදම් වල ප්‍රගතිය පිළිබඳ කිසිදු නිරීක්ෂණයක් මේ වන තෙක් කර නැහැ. වියදම් වූ මුදලින් සිදු වූ දේ පිළිබඳ කඩිනමින් අභ්‍යන්තර විගණනයක් සිදු කරන්න.
රාජ්‍ය ආයතන වල සිදුව තිබෙන විවිධ වංචා, දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආයතනිකව කමිටු පත් කරන්නේ නැහැ. ඒ සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් රජය මගින් සකස් කර තිබෙනවා.
තවත් වැදගත් කාරණයක් මෙම සාකච්ඡාවේදී ඉස්මතු වුණා. ක්‍රිඩා කටයුතු වලදී සහ රජකාරීයේදී සිදුවන හිංසන සහ අපයෝජන පිළිබඳ සොයා බැලීමට සහ එ් පිළිබඳ ක්‍රියා කිරීමට නිශ්චිත වැඩ පිළිවෙලක් ක්‍රීඩා අමාත්‍යංශයට නැහැ. ඒ නිසා මම දැනුම් දුන්නා හිංසන සහ අපයෝජන පිලිබඳ සොයාබැලීමට සහ දැනුවත් කිරීමට නිසි වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස” අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් යන මහත්වරුන් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ සියලු අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan