වැඩබලන පොලිස්පතිවරයා පත් කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ (LNW):

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

ඔහු උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි නිලධාරියෙකි.ප්‍රියන්ත වීරසූරිය පොලිස් දෙපාර්තමේන්තුවට බැඳි ඇත්තේ කොස්තාපල්වරයෙකු වශයෙනි.  පසුව ඔහු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් ලබා ඇති බව සඳහන් වේ.