ජනපති අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමට සැරසෙයි.?

Date:

කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා මෙම ගැසට් පත්‍රය නිකුත් කළේය.

නමුත් මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපය තුළ ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට ආර්ථික විශේෂඥයින් කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයා වෙත දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

කොළඹ නගරය තුළ වරින් වර ඇතිවන උද්ඝෝෂණ නිසා ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ බවත්, නමුත් මෙම අධි ආරක්ෂිත කලාප නම් කිරීම හරහා වෙනත් ගැටලු ඇතිවිය හැකි බවත් එම විශේෂඥ කණ්ඩායම පෙන්වා දී තිබේ.

ඒ අනුව මෙම අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධීකරණය කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීමට නම් ජනාධිපතිවරයාගේ අත්සනම යෙදිය යුතු බැවින් ජපාන සංචාරය අවසන් වී ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙය සිදුකිරීමට නියමිත බව විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...