ගම්පොළ හා පානදුර විවිධ සේවා සමූපකාර ඡන්ද දෙකෙහි ජය පොහොට්ටුවට!

Date:

ගම්පොළ විවිධ සේවා සමූපකාරය හා පානදුර විවිධ සේවා සමූපකාර සමිතිවල මහා සභාවට නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායමට විශිෂ්ට ජයක් අත්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පානදුර විවිධ සේවා සමූපකාර සමිතියේ මහා සභාවේ ආසන 87න් 53ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ශවයට ද 34ක් විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමට ද හිමිව තිබේ.

මේ අතර, ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික සංඛ්‍යාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම අධ්‍යක්ෂධුර 06ක් ජයග්‍රහණය කළ අතර, විපක්ෂයට සහාය පළකරන කණ්ඩායම ලබා ගෙන ඇත්තේ එක් අධ්‍යක්ෂකධුරයක් පමණි.

මෙමඟින්, ගම්පොළ සහ පානදුර විවිධ සේවා සමූපකාර සමිතිවල මැතිවරණවල ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...