ගම්පොළ හා පානදුර විවිධ සේවා සමූපකාර ඡන්ද දෙකෙහි ජය පොහොට්ටුවට!

Date:

ගම්පොළ විවිධ සේවා සමූපකාරය හා පානදුර විවිධ සේවා සමූපකාර සමිතිවල මහා සභාවට නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායමට විශිෂ්ට ජයක් අත්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පානදුර විවිධ සේවා සමූපකාර සමිතියේ මහා සභාවේ ආසන 87න් 53ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ශවයට ද 34ක් විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමට ද හිමිව තිබේ.

මේ අතර, ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික සංඛ්‍යාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම අධ්‍යක්ෂධුර 06ක් ජයග්‍රහණය කළ අතර, විපක්ෂයට සහාය පළකරන කණ්ඩායම ලබා ගෙන ඇත්තේ එක් අධ්‍යක්ෂකධුරයක් පමණි.

මෙමඟින්, ගම්පොළ සහ පානදුර විවිධ සේවා සමූපකාර සමිතිවල මැතිවරණවල ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...