*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

සුඛෝපභෝගී සංචාරකයන් ආකර්ෂණය සඳහා මෙරට ‘රාත්‍රී ආර්ථික ක්‍රියාකාරකම්’ ඉහළ නැංවීමට පියවර!

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් උදෙසා දේශීය රාත්‍රී ජීවිතය (night life) නඟා සිටුවීම තුළින් ඔවුන් වැඩි මුදලක් වැය කිරීමට උනන්දුවනු ඇති බවත්, එකී රාත්‍රී ජීවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති පියවරවලට තම සහාය පළකරන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) අවධාරණය කරයි.

මීට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කොට ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය (SLCB) වැනි සංචාරක ආයතන යොමුකරවීම සංචාරක අමාත්‍යාංශයේ කාර්යභාරය බව SLTDA සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

සංචාරක අමාත්‍යංශයට ප්‍රතිපත්ති වලට අනුකූලව තීරණ ගත හැකි මුත් ඒවා ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය පැවරී තිබෙන්නේ මෙම ආයතනවලට බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. කෙසේවෙතත් ප්‍රතිපත්තිමය තීරණවලට සංචාරක අමාත්‍යංශය මැදිහත්වන බව ද හෙතෙම අවධාරණය කළේය.

රාත්‍රී ජීවිතය පිළිබඳ විවිධ මාධ්‍යවල විවිධ ආකාරයෙන් විග්‍රහ කෙරෙන මුත්, තමා මීට මාස තුන හතරකට පමණ පෙර ලබා දුන් ඇතැම් සම්මුඛ සාකච්ඡාවලදී පවා අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ රාත්‍රී ජීවිත විනෝදාස්වාදයේ අඩුවක් පවතින බව SLTDA සභාපතිවරයා සිහිපත් කළේය.

විවිධ ක්‍රියාකාරකම් හරහා සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ මුදල් වියදම් කිරීමේ අවස්ථා නිර්මාණය කළ යුතු බවත් විනෝදාස්වාද කාණ්ඩය තුළ වැඩි වැඩියෙන් ඉපැයීමේ මාර්ග නිර්මාණය නොකළහොත්, සංචාරක ඉපැයීම් සීමා වනු ඇති බවත් ප්‍රනාන්දු මහතා කියාසිටියේය.

ශ්‍රී ලංකාවට විනෝදජනක රාත්‍රී ජීවිතය ගෙන ඒම සඳහා SLTDA විවිධ ක්‍රම සෙවිය යුතු බවත්, විනෝදාස්වාද ක්ෂේත්‍රය ඉල්ලුම මත පදනම් වූවක් බවත්, එවැනි සිදුවීම් සඳහා ඉල්ලුමක් ඇති වුවහොත්, දේශීය හා ජාත්‍යන්තර පාර්ශවකරුවන් ද ස්වයංක්‍රීයව ම ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවත් ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

එයට අඩිතාලමක් ලෙස සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් 5,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් ‘Fairway Colombo Street Food Festival’ කොටුව ඕලන්ද රෝහල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.

මෙවැනි උත්සවයක් අවසන් වරට පවත්වනු ලැබුවේ වසර තුනකට ඉහත දී වන අතර, ඒ කොවිඩ් වසංගතයට පෙරය. කෙසේ වෙතත්, මෙම ආහාර සැණකෙළිය සෑම මසකම අවසන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස 6.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Fairway Colombo හි අධ්‍යක්ෂ ව්‍යාපාර සංවර්ධන රොමේෂ් අමරසිංහ මහතා පැවසුවේ මෙම උත්සවය ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන, විවිධ ආහාර වර්ග, පහසු මිලට ලබා දෙන බවත්, මෙය කොළඹ පැවති විශාලතම වීදි ආහාර සැණකෙළිය බවට පත් කරන බවත් ය.

ඕවින්දි විශ්මිකා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan