ටිකට් නැතිව ගියොත් දඩ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බොහෝ පුද්ගලයන් දුම්රියෙහි ප්‍රවේශ පත් නොමැතිව ගමන් ගැනීමට පුරුද්දක් කරගෙන ඇත. මෙම හේතුව මත ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී ඇත.

මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම වැටලීම් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන අතර , කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමග දුම්රිය මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු තාවකාලිකව නතරවී තිබුණු බැවින් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමට වැඩි වශයෙන් ‍පෙළඹී ඇති බවද දෙපාර්තමේන්තුව කියා සිටී.

තවද, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ, අගෝස්තු මාසයේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළ මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන්ගෙන් දඩ වශයෙන් රුපියල් 225,000 කට ආසන්න මුදලක් අය කරගෙන ඇති බවත් , ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන් 72 දෙනෙකුගෙන් මෙම දඩ මුදල් අය කරගෙන ඇති බවත්‍ ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...