TNA ගත් අලුත්ම තීරණය!

0
5076

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ (LNW):

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයක් ලෙස නිවස සලකුණ යටතේ තරග කිරීමට අද (28) පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමේදී, ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර තිබෙන බව සඳහන් වේ.

ඔවුන් තීරණය කර ඇත්තේ, පාර්ලිමේන්තු මැතිවරණයට ටෙලෝ සහ ප්ලොට් යන පක්ෂ සමඟ සන්ධානගත වීමටයි.

අනිත් පක්ෂවල තීරණය දැනුම්දීමට තුනක කාලයක් ලබාදීමට ද අදාළ රැස්වීමේදී එකඟ වී ඇති බව සඳහන් වේ.

තොරතුරු වාර්තා වන්නේ, මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් බොහෝ දෙනෙකු අදාළ යෝජනාවට සිය ප්‍රසාදය පළ කර ඇති බවටයි.