තොටලඟ ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වහාම සහන සළසන්න – ජනපතිගෙන් උපදෙස්

Date:

කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීරණයක ඊයේ (27) පස්වරුවේ ඇතිවූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේදීම මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාව, ගිනි නිවන හමුදාව, සෞඛ්‍ය අංශ, නාගරික සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් අදාල සියලූම රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයන් වහාම සිදුකොට ඊයේ රාත්‍රියේ සිටම එම මහල් නිවාස සංකීරණයේ පදිංචිව සිටි පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් සොයා බලා ඒ වෙනුවෙන් කඩිනම් පහසුකම් සළසන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව එම සියලුම අංශ මේ වනවිටත් ගිනි නිවීමට අවශ්‍ය උපරිම මැදිහත්වීම ලබාදීමටත් අනෙකුත් අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සැපයීමටත් පියවර ගෙන තිබේ.

විශේෂයෙන් මේ තත්ත්වය මත දැඩි අපහසුතාවට පත්වන මව්වරුන්ට, කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳවත් සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ගින්නෙන් නිවාස 80කට පමණ හානි සිදුව ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...