ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (03) සවස පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, පිටිගල, ඉහළ හේරැස්ස, ලේනගිරි ආරණ්‍යය සේනාසනයේ සැඟව සිටියදී ය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවක් මත නිදහස්ව සිටි එහිමියන්ට එසේ ලැබුණු ජනාධිපති සමාව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරන ලද අතර ඒ අනුව සිරදඬුවම නැවත ක්‍රියාත්මක කිරීම සඳහා එහිමියන්ව අත් අඩංගුවට ගන්නා ලෙස මීට දින කිහිපයකට පෙර වරෙන්තු නිකුත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...