අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (03) සවස පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ, පිටිගල, ඉහළ හේරැස්ස, ලේනගිරි ආරණ්‍යය සේනාසනයේ සැඟව සිටියදී ය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවක් මත නිදහස්ව සිටි එහිමියන්ට එසේ ලැබුණු ජනාධිපති සමාව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරන ලද අතර ඒ අනුව සිරදඬුවම නැවත ක්‍රියාත්මක කිරීම සඳහා එහිමියන්ව අත් අඩංගුවට ගන්නා ලෙස මීට දින කිහිපයකට පෙර වරෙන්තු නිකුත් කර තිබිණි.


