ඔය කියන මන්දපෝෂණය කිසිදෙයක් නෑ, අපි පෞද්ගලිකවම හොයලා බැලුවා – අජිත් රාජපක්ෂ

Date:

හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතාම ඉහළ මට්ටමක පවතින බවට පළවූ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.

“ඔය කියන මන්දපෝෂණය, ඔය කිසිදෙයක් නෑ. ඔය දොස්තර මහත්තයෙක් හුදෙකලා තැනක කියපු ප්‍රකාශයක් තමයි මාධ්‍ය තුළ ලොකුවට ගෙනාවේ. හැබැයි අපි පෞද්ගලිකව හොයලා බැලුවා, සමස්ත ලංකාවේ තියෙන සාමාන්‍ය සෞඛ්‍ය මට්ටමයි සූරියවැව තියෙන සෞඛ්‍ය මට්ටමයි ගත්තාම සූරියවැව ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා ඉතාමත් ඉහළ තැනක තියෙනවා. පෞද්ගලික කාරණා මුල් කරගෙන සමහර ඒවා කේන්ද්‍රීය කරගෙන කරන ප්‍රකාශත් එක්ක තමයි ඕවා වෙන්නෙ. මේ තියෙන ආර්ථික ප්‍රශ්නයේදී නගරයේ මිනිස්සු තමයි උපරීම පීඩිත වෙලා තියෙන්නෙ”

අජිත් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...